IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘ජන සටන‘ මහනුවරයි මැවනැල්ලයි මග හරී

ඒකාබද්ධ විපක්‍ෂයේ ‘ජන සටන’ පාද යාත‍්‍රාව මහනුවර නගරයට හා මාවනැල්ල නගරයට පිවිසීම වළක්වමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති නිසා එය පේරාදේණියෙන් ආරම්භ කිරීමට කටයුතු කරන බව එම පා ගමනේ සංවිධායක කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

අධිකරණය විසින් මෙම පාගමන තහනම් කර නැතැයි කී මහින්දානන්ද අලූත්ගමගේ මහතා එය මහනුවර නගරයට හා මාවනැල්ල නගරයට පිවිසීම පමණක් වළක්වා ඇති බව සඳහන් කළේය.

එම නියෝගයට ගරු කරමින් පාගමන බ්‍රහස්පතින්දා (28) පෙරවරු 9.00ට පේරාදෙණියෙන් ආරම්භ කිරීමටත්, මාවනැල්ල නගරය මගහැර විකල්ප මාර්ගයකින් පැමිණීමටත් තීරණය කර ඇතැයිද සංවිධායක කමිටු සභාපති කියා සිටියේය.

පා ගමනේ දෙවැනි දිනයේදී නෙළුම්දෙණියටත්, තෙවැනි දිනයේදී එහි සිට නිට්ටඹුවටත් සිව්වැනි දිනයේදී  කිරිබත්ගොඩ දක්වාත් පැමිණ පස්වැනි දිනය වන අගෝස්තු 1 වැනිදා කිරිබත්ගොඩ සිට කොළඹ නගරයට පැමිණීමෙන් පසු එදින කොළඹදී රැළියක් පැවැත්වීමට නියමිත බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. 

 

         

 

 

 



අදහස් (0)

‘ජන සටන‘ මහනුවරයි මැවනැල්ලයි මග හරී

යෙහාන් Wednesday, 27 July 2016 10:59 PM

මේ ගමන අපේ මහින්ද මහත්තයාව අපි අතහරින්නේ නැහැ. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 27 July 2016 10:59 PM

පිටබැද්දර ජයා, මහින්ද මැතිතුමා පුරුදුවෙන්න කරනවා නොවෙයි. එ්ක හිතේ තියාගන්න. (නි)

:       0       0

රදේ -බර්ලින් Wednesday, 27 July 2016 11:31 AM

පහුගිය රජය කාලේ ඔය කට්ටිය හරියට තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් වැඩ කළා නම් පාද යාත්‍රා යන්න වෙන්නේ නැහැනේ හිටපු ඇමතිතුමනි! (නි)

:       0       0

විජේ Wednesday, 27 July 2016 11:36 AM

අැයි කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව, කිරිබත්ගොඩ හා කොළඹත් මඟහරින්න. දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න, ඡන්දෙ නිකන්ම ලැබෙයි. මිනිස්සු රවටන්න එපා (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 July 2016 01:16 PM

ඊට පස්සේ කකුල් වල පත්තු බඳින්න හොඳ වෙද මහත්තයකුත් තියාගන්න , රතුපස්වලත් මග ඇරලම ගියොත් හොඳයි නේද ? (බ)

:       0       0

මනෝජ් Wednesday, 27 July 2016 06:00 PM

මේ සටනට මුළුමහත් ශ්‍රී ලාංකිකයින්ම එක්විය යුතුයි (නි)

:       0       0

විදානේ Wednesday, 27 July 2016 08:32 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 215 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 406 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site