IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජොන්ස්ටන්ගෙන් පැය පහක ප්‍රකාශයක්

(ඉන්දිකා රාමනායක)

අරලියගහ  මන්දිරය  ඉදිරිපිට හා ගාලුමුවදොර  දී   ඉකුත් (9) දින  ඇති වු    කළහාකරි සිද්ධිය  සම්බන්ධයෙන්  ප්‍රකාශ  ලබා ගැනීම සදහා   පොදුජන එක්සත් පෙරමුණු හිටපු  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24)  පැය. 5  අධික කාලයක්  ප්‍රශ්න කර  ප්‍රකාශ සටහන් කරගත් බව    හමුවට කැඳවා ඇති පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබු දැනුම් දීමකට අනුව හිටපු අමාත්‍යයවරයා අද පෙරවරු 10.15  ට පමණ එහි පෙනී සිටියේය.

ප්‍රකාශ ලබා ගැනීම සදහා ඊයේ (23) දින ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණ ද ඒ මහතා ඊයේ එහි පැමිණි සිටියේ නැත.

මෙම ප්‍රශ්න කිරීම පසු හිටපු අමාත්‍යවරයා  පස්වරු. 2.30  ට පමණ ඉන් පිටව ගොස් ඇත.

ජෝන්සටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවට පැමිණ ඇති බවට සැලවීමත් සමග   අරගලභූමියේ සිටි තරුණ පිරිසක්  ඊයේ  පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඉදිරි පිටට පැමිණ  ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට  ඉල්ලමින් විරෝධතාවක නිරත වුහ.



අදහස් (2)

ජොන්ස්ටන්ගෙන් පැය පහක ප්‍රකාශයක්

Demuni Uduwara Wednesday, 25 May 2022 06:36 AM

ජොන්ස්ටන් පමණක් නොවේ.. අරලිය ගහ මන්දිරයේ ඉන්න මහින්ද රාජපක්ෂවත් අත්අඩංගුවට ගත යුතුයි.

:       0       2

සත්‍ය ගවේෂී. Wednesday, 25 May 2022 07:41 AM

කපුටෙකු මරා තට්ටක් එල්ලීමෙන් අනිත් කපුටන් බියවෙන බව කීමට තරම් සැහැසි වූ මොහු එදා අරලියගහ මැදුරේ දී මිනිසුන් කුපිත කොට නැටූ නාඩගම ගැන මේ රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වී ඇති බවක් නොපෙනේ... නීතිය සැමට පොදු සහ සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවෙනතාක් පොදු මහජන කුපිතවීම් වැළැක්විය නොහැකි බව පෙනේ. ඒ නිසා එදා සිද්ධියට සම්බන්ධ මහින්ද ඇතුළු පොහොට්ටු මැරයන් කණ්ඩායම හා පසුව ජනතා හදිසි කෝපයට මුවාවී, එය දඩමීමා කරගෙන ගෙවල් ගිනි තැබීම්, දේපල මංකොල්ල කෑම් හා අනෙකුත් අපරාධ සිදුකළ ජේවීපී මැරයින්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 174 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 376 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 162 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site