(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් නොවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ(05) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ මෙම ඉල්ලීම කර ඇත.
එහෙත් එම තනතුරු දෙකෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වීමට තීරණය කර ඇතැයි ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් එහිදී ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වරයා රන්ජිත් සියඹලාපිටිය මහතා කටයුතු කළ අතර ,නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අන්ගජන් රාමනාදන් මහතා කටයුතු කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමත් සමග, මෙම තනතුරු දෙකෙන් ද ඉවත්වීමට ශ්‍රීලනිපය තීරණය කළේය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනපති ශ්‍රීලනීපයෙන් කළ ඉල්ලීම
Mahajanathawa Wednesday, 06 April 2022 10:29 AM
How many MPs are in the in the parliament today