IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි සවාරියේ තෑගි තවම නෑ

ජනපති පදවිප‍්‍රාප්ති පාපැදි සවාරියේ ජයග‍්‍රාහකයන්ට මෙතෙක් තෑගි ප‍්‍රදානය කිරීමට කටයුතු නොකිරීම නිසා ඊට සහභාගි වූ තරගකරුවන්  කණස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ. මෙහි ජයග‍්‍රාහකයාට රුපියල්  ලක්‍ෂ 1 1/2 ක මුදල් ප‍්‍රදානය කෙරෙන බව එම සංවිධායකයෝ ප‍්‍රකාශයට පත්කර තිබුණි. තරගයේ සෙසු ජයග‍්‍රාහකයන් ගණනාවකටද මුදල් තෑගි පිරිනැමෙන බව නිවේදනය විය. කෙසේ වුවත් පදවිප‍්‍රාප්ති පාපැදි සවාරියේ ත්‍යාග ප‍්‍රදානය පසුගිය ඉරිදා (27) සිදුකරන බව නිවේදනය  වුවත් එය කි‍්‍රයාත්මක නොවූ බවත් වාර්තාවේ. කිලෝ මීටර් 350ක් දුරැති ඉතා  වෙහෙසකර මාර්ගයක පදවිප‍්‍රාප්ති පාපැදි තරගය පැවති බවද තරුගකරුවෝ පැවසූහ. දින තුනක් පුරා පැවති මෙම පාපැදි සවාරියේ පළමු අදියර  තංගල්ලේ සිට කළුතර  දක්වාද, දෙවැනි අදියර කළුතර සිට කුරුණෑගල දක්වාද, තෙවැනි (අවසන්) අදියර කුරුණෑගල සිට වවුනියාව දක්වාද පැවැත්විණි. එහිදී තරගය ජය ගත්තේ පොලිස් කී‍්‍රඩක චතුර ඉන්දිකය. දෙවැනි ස්ථානය පොලිස් කී‍්‍රඩක  සුධීර නිලංගද තෙවැනි ස්ථානය නලින්ද අමිල කුමාර විසින්ද හිමිකර ගත්හ. තරග සංවිධායකයන් ප‍්‍රතිඥා දුන් පරිදි තෑගි ප‍්‍රදානය නොකිරීම ගැන තරගකරුවන් අවධානය යොමුකර සිටින්නේ මීට පෙර පැවැති නෙත් එෆ් එම්  පාපැදි තරගයේ ජයග‍්‍රාහකයන්ටද මෙතෙක් තෑගි මුදල් පිරිනැමීමට වගකිව යුත්තන් අපොහොසත්වීමේ කරුණු නිසාය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මේ වනවිට අකි‍්‍රය තත්ත්වයෙන් පවතින බැවින් මේ සම්බන්ධයෙන් තරගකරුවන්ට කරුණු කීමට පාර්ශ්වයක් නොමැතිවීමද ඔවුන් තවත් අසරණ වීමට හේතුවී ඇතැයි දැනගන්නට ඇත. මේ අතර පදවිප‍්‍රාප්ති පාපැදි සවාරියේ තෑගි මුදල් අඩු කිරීමට සංවිධායකයන් තීරණය කර ඇතැයිද මේ අතර වාර්තා වන තවත් පුවතකි.



අදහස් (0)

ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි සවාරියේ තෑගි තවම නෑ

අනුෂ Friday, 02 December 2011 02:56 PM

තෑගි මුදල් අඩු කරන එක නම් කැත වැඩක්...

:       0       0

සම්පත් Friday, 02 December 2011 03:13 PM

වැඩේ හොඳයි......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site