IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපති නිදහස් සැමරුමේ වියදම් කපයි

(අංජුල මහික වීරරත්න)

නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාවගේ දැවැන්ත විරෝධයක් පවතින බව කී ජනාධිපතිවරයා ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් වියදම් අවම කර ගැනීමට කටයුතු කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සැමරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී මේ බව සඳහන් කළේය.

 



අදහස් (4)

ජනපති නිදහස් සැමරුමේ වියදම් කපයි

Perera Friday, 27 January 2023 04:40 AM

මොවුන්ට ආරක්ෂකයෝ නැතිව පාරෙ බැහැලා යන්නවත් නිදහසක් නැහැ. කොහේ කාට තියෙන නිදහසක්ද මේ ලොකුවට සමරන්නේ?

:       0       16

Sunil Friday, 27 January 2023 06:13 AM

අවම කරන්න නොවේ සම්පූර්ණයෙන්ම කපාහරින්න. රටේ සාමාන්‍ය ජනතාවට වැටහෙන සත්‍යය මේ අදමිටු පාලකයින්ට නොතේරේ. ජනතාවනි, මේවා පවත්වනවාට වර්ජනය කරන්න.

:       0       14

sharm warn Friday, 27 January 2023 11:33 AM

මේ රට නිදහස් වෙන්න නම්... හැත්ත පස් වෙන්නම වෙනවා. පවු ඉතින් මේ අය. පත්තරෙන්ද, ෆේස්බුක් එකෙන්ද දන්නේ නැහැ දැක්කේ.. මිිලියන දෙසීයක් කෙළවලා තමයි පෙන්නන්න හදන්නේ කියලා...

:       1       12

sb Friday, 27 January 2023 04:25 PM

කීවට ඕවා ඔහොම වෙනවද කියල අපි දන්නේ කොහොමද? දත්ත එක්ක පෙන්වන්න කියන්න. බොරුවට මිනිස්සු අන්දන දෙශපාන ය වෙනස් කරන්න, මිනිස්සු දේශපාලකයින් එවිඩන්ස් එක්ක ප්‍රශ්න කරන්න. කියවන එක එකක්, ඒත් ඒක ක්‍රියවෙන් පෙන්නපු දේශපාලකයො නැති තරම්. විෂේශයෙන් අලි පොහොට්ටු ටෙලිපෝන් මුස්ලිම් කොංග්‍රසය, වතුකරයේ දෙස්පලුවො වගේ අය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site