IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කටකතා  සහ අසත්‍ය  ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන්   විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙය කිසි  විටෙකත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් බවත් තමන් මේ හේතුවෙන් දැඩි කම්පනයට හා  වේදනාවට පත්ව සිටින බවත්  ජනාධිපතිවරයා සඳහන් කළේය.

 ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

"කිසි විටෙක බලාපොරොත්තු නොවු සිදුවීමක්  සිදු වී තිබෙනවා.  මා  මෙන්ම ලක් වැසි සියලු දෙනාම  දැඩි ලෙස  වේදනාවට සහ කම්පනයට පත්ව සිටිනවා. මෙම ප්‍රහාර පිටුපස ඇත්තේ කුමන  කුමන්ත්‍රණයක්ද  යන්න තවම පැහැදිලි නැහැ. මේ පිළිබඳව සෙවීම සඳහා ආරක්ෂක අංශ වට උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුන්  මේ වන විට  ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.

ජනතාවට සන්සුන්ව සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. අනවශ්‍ය කටකතා වලට රැවටෙන්න එපා.  කිසිදු අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. රජය මේ සම්බන්ධ පියවර‍ රැගෙන තිබෙනවා.  එම වගකීම් ඉටු කරනවා."



අදහස් (16)

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Lal Sunday, 21 April 2019 06:46 AM

මෙම ප්‍රහාරය අයිඑස්අයිඑස් හෝ එවැනි සංවිධානාත්මක ත්‍රස්තවාදී සංවිධානක සැලසුමක් බව පැහැදිලියි. මේ රජය සමහර අයව සන්තෝෂ කරන්න බුද්ධි අංශ අඩපණ කිරීමේ හා අනවශ්‍ය පුද්ගලයින් බුද්ධි අංශ තුලට රිංගවීමෙන් ලැබුනු එක, භයානක ප්‍රතිපලයක් තමයි මේ සිදුවීම. මේ රජයත් මෙයට වගකිව යුතුයි.

:       2228       3187

Sapumal.Sunday, 21 April 2019 09:09 AM

ලාල් මහතාගේ අදහස් හා මාද එකඟයි. දැන් විශේෂ ප්‍රකාශ නිකුත් කරනා අය මේ ප්‍රදේශ වල ආරක්ෂාව ගැන මීට වඩා උනන්දු උනා නම් කොපමණ අගනේද ? දැන් කෙරෙන විශේෂ ප්‍රකාශ වලින් පමණක් ඇති ඵලය කිම ?

:       130       435

ranjith Sunday, 21 April 2019 06:54 AM

ත්‍රස්තවාදය මත්ද්‍රව්‍ය පාතාලේ මේවා මුලිනුපුටා දැමීමට කාලය දැන් ඇවිත්. දැඩි නීති ගෙනත් රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වීමේ වාසනාව ගෙන දෙන ලෙස කාරුණිකව ඉල්ලනවා

:       53       220

dinesh Sunday, 21 April 2019 06:57 AM

විශේෂ ප්‍රකාශ එපා. කරුණාකරලා රටේ ආරක්ෂාව තහවුරු කරන්න, හැමදාම වුනා වගේ සාමාන්‍ය ජනතාව විතරයි දුක් විදින්නේ.

:       0       415

Prabha Sunday, 21 April 2019 07:02 AM

රටේ ආරක්ෂාව බින්දුවට බැහැලා

:       2       390

Sachith Sunday, 21 April 2019 07:19 AM

දැන් ඕව කියල වැඩක් නැ මහත්තයෝ.

:       0       304

රොමේෂ් Sunday, 21 April 2019 07:22 AM

ආරක්ෂක අංශ යනු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක්වත් පශ්චාත් මරණ පරීක්ෂණ කරන අංශයක්වත් නෙමෙයි. මේවගේ දරුණු සිදුවීම් පෙළක් වෙනකන් ජාතික ආරක්ෂාව භාර අය මොනවද කලේ? රාජ්‍ය බුද්ධි අංශය ක්‍රියාත්මක වෙන්නේ දේශපාලුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ බුද්ධි තොරතුරු වෙනුවෙන් විතරද. රටේ ආරක්ෂාව බින්දුවටම ගිහින් බව ලෝකෙටම පෙන්නුවා.

:       5       1086

Supun Sunday, 21 April 2019 07:34 AM

නාමල් කුමාර කිව්වේ නැද්ද මේක ගැන?

:       503       1046

kamalSunday, 21 April 2019 08:47 AM

නාමල් කුමාර වගේ අය, කවදාවත් අයෙ තොරතුරු දෙන එකක් නොමැත.

:       6       107

සේන Sunday, 21 April 2019 07:54 AM

ආරක්ෂකයෝ හිරේ. රට අණතුරේ. ත්‍රස්තවාදීන්ට ඕන විදිහට නැටීමේ ප්‍රතිඵල ඇස් ඉදිරියේ. මේවා නැතිකරගන්න අවංක පියවරක් ගනී කියලා කිසිම විශ්වාසයක් නෑ

:       190       465

Soma dubayi Sunday, 21 April 2019 08:19 AM

විශිෂ්ට ප්‍රකාශයක් මැතිතුමනි. ඔබ අපට ශක්තියක්

:       573       3

d.upul Sunday, 21 April 2019 08:59 AM

මම හරි ආසයි මෙයාගේ විශේෂ ප්‍රකාශ අහන්න.

:       1       237

Ruhunu Sunday, 21 April 2019 10:47 AM

කට කතා නෙවෙයි මේවා. ඇත්ත දේවල්

:       0       0

chathuri Sunday, 21 April 2019 11:24 AM

රට ඇතුලේ තියෙන පල්ලි පන්සල් කෝවිල් විශ්වාස නැති නිසානේ නායකයෝ තිරුපති යන්නේ. ගිහින් වැදලා ආවා සෙතක් ලැබුනද. රජයේ මුදලින් ගුවන් ටිකට් අරගෙන දෙවියන් හොයාගෙන යන්නේ නැතිව ඒ මුදල් රටේ ආරක්ෂාවට යොදවන්න, ඔය ඉන්දියාවෙන් කිසිම ලොක්කෙක් එනවද දළදා මාලිගාවෙන් සෙත සලසා ගන්න. ඔය බොරු දේවල් නතර කරන්න.

:       0       0

hashan Sunday, 21 April 2019 11:24 AM

මේ ප්‍රහාරයට, මේ ආණ්ඩුව බලයට පත් කරගන්න ඡන්දය දුන් ලක්ෂ 62 ත් අනියමින් වග කියන්න ඕන. කට්ටයට සතුටුද දැන්? සැබැ වෙනසක් නේ?

:       0       0

roshan Monday, 22 April 2019 04:34 AM

කලින් මේ දේවල් දැනුවත් කරානම් ඒ සම්බන්ධව පියවරක් ගැනීමට අසමත්වුනේ අැයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site