එක්සත් ජාතීන් නියෝජනය කරමින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මොනිකා පින්තෝ සහ වදහිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවාන් ඊ.මෙන්දෙස් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව සිකුරාදා (29) දිවයිනට පැමිණෙන ඔවුන් දෙදෙනා මැයි 7 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. වදහිංසා පැමිණවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා 2010 වසරේදී ද මෙරට සංචාරයක නිරත වී ඇති අතර අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරිය මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.
සංචාරය අතරතුර දී රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට ද උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ දකුණු පළාත්වල සංචාරය කිරීමට ද ඔවුන් සැළසුම් කර ඇත.
සංචාරයෙන් පසු ඔවුන් විසින් සකස් කරන ලද නිරීක්ෂණ වාර්තා 2ක් ලබන වසරේ මාර්තු සහ ජුනි හිදී ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරවලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2025 දෙසැම්බර් මස 30
89
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජගත් සංවිධානයේ නියෝජිතයන් දෙන්නෙක් සිකුරාදා ලංකාවට