IMG-LOGO

ඡායා කැබිනට්ටුව විසිරේ

2016-07-27-ent-04ඒකාබද්ධ කස්ටියගෙ ඡායා කැබිනට්ටුවෙන් අගමැතිකමට නම්කරපු හිටපු ලොකුතැන ඉල්ලා අසුවුණා. ඒකට හේතුව උන්නැහේ අධීක්ෂණ මන්ත්‍රීල හැටියට පත්කරන්න කියාපු අය ඡායා කැබිනට්ටුවක් හැටියට නම් කිරීමලු... අනෙක මේ පත්වීම් ගැන ජ්‍යෙෂ්ඨයන් සමඟ කතාකරලත් නැතිලු.

ඡායා කැබිනට්ටුවෙ තනතුරැ දීපු හැටි ගැනත් ප්‍රශ්න ඇතිවෙලා කියනව... පසුගිය කාලෙ ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවල ජ්‍යෙෂ්ඨම ඇමැතිනියක්ව හිටපු කෙනකුට නොවැදගත් විෂයක් පැවරීම ගැන එතුමියත් පරලවෙලා කියලා ආරංචියි...

ඊළඟට නාමල්තුමාට විදේශ විෂය පැවරීම ගැනත් හුඟදෙනෙක් ප්‍රශ්න කරන්න පටන් අරන්...

මේ විදිහට නැති ප්‍රශ්නයක් ඇති කළේ කව්ද? ඒ මොකද? කියල දැන් හිටපු ලොකුතැන හොයාගෙනලු... මේ හේතු නිසා ඒකාබද්ධ විපක්ෂයෙ පඬිවරයෙක් පත්කරපු ඡායා කැබිනට්ටුව ඉබේම විසිරී යන තැනට වැඩ සෙට්වෙලා කියලා තතු දත් අය කියනව.

 

DESHAYA

 



අදහස් (0)

ඡායා කැබිනට්ටුව විසිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site