IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඡන්දය කල් දැමීම ගැන දෙදින විවාදයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක්  ලබන 9 සහ  10 යන දිනවලදී පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය.

දෙදින විවාදයක් ලබාදෙන්නැයි  පාර්ලිමේන්තු කටයුතු  පිළිබඳ කාරක සභාවේදී ඉල්ලා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රටේ ප්‍රබල විරෝධයක් පැන නැගී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පුළුල්  සාකච්ඡාවක් ඇතිවීම වැදගත් බව විපක්ෂනායකවරයා එහිදී පෙන්වා දුන්නේය.

මේ අනුව මෙම විවාදය සභාව කල්තබන අවස්ථාවේ  විවාදයක් ලෙස පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1)  පස්වරු 1.30 ට රැස්විය.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේදී  දින දෙකක් විරෝධයේ නියැලුණහ.



අදහස් (3)

ඡන්දය කල් දැමීම ගැන දෙදින විවාදයක්

aravinda Monarawila Wednesday, 01 March 2023 03:52 PM

ඔය කතාමඩුවට වෙලා වාද විවාද කරලා වැඩක් නෑ. පුළුවන් නම් පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරලා ජනතාවට ඡන්දය අරන් දෙන්න... නැතිනම් රනිල් කිව්ව එක විශ්වාස කරන්න වෙනවා.

:       5       9

Bamunuarachchi Wednesday, 01 March 2023 04:00 PM

දෙදිනක් නොවෙයි, ජීවිත කාලෙම විවාද කළත් වැඩක් වෙන්නේ නැහැ. ඡන්දෙ පැවැත්වීමෙන් ජනතාවට වෙන ප්‍රයෝජන කිව්වොත් අපිත් රජයට විරුද්ධ වෙන්නම්...

:       8       6

Rohana Thursday, 02 March 2023 12:58 PM

මහඑකා ඡන්දෙන් ලිස්සලා යන්න හදන වෙලාවේ පාර්ලිමේන්තුවේ බොරු විවාද තියතියා ජනතාව ගෙවන බදු මුදල් නාස්ති කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site