IMG-LOGO

චිත්‍රපට සංස්ථාවේ වෙනම අංශයක් පිහිටුවා තනතුරු බෙදලා

 

(බිඟුන් මේනක ගමගේ)


අනුමත උසස් කිරීමේ පටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වෙනම අංශයක් පිහිටුවා තනතුරු ස්ථාපිත කළැයි චෝදනා කරමින් චිත්‍රපට සංස්ථා සේවක සංගමය බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර මහතාට අද (7) පැමිණිල්ලක් කර ඇත.


පසුගිය රජය සමයේ ජාතික සේවක සංගමයේ චිත්‍රපට සංස්ථා ශාඛාවේ ලේකම්වරයාට මෙසේ තනතුරු ප්‍රදානයක් කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි ද ඉල්ලමින් චිත්‍රපට සංස්ථා සේවක සංගමයේ ලේකම් නිලන්ත ප්‍රසාද් මහතා ලිඛිතව මෙම පැමිණිල්ල කර තිබේ.


චිත්‍රපට සංස්ථාවේ කාර්ය මණ්ඩල බඳවාගැනීම් හා උසස් කිරීම් අනුමත පටිපාටියට බැහැරින් කරන්නේ නම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු නමුත් එවැනි අනුමැතියකින් තොරව සැලසුම් සංඛ්‍යාලේඛන පුහුණු නමින් නව අංශයක් පිහිටුවා ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.


මේ සඳහා අඩුම තරමින් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසරයවත් ලබාගෙන නැතැයි ද එනිසා මේ ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි ද චිත්‍රපට සංස්ථා සේවක සංගමය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


පැමිණිල්ලේ පිටපතක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ද යොමු කර ඇත.



අදහස් (0)

චිත්‍රපට සංස්ථාවේ වෙනම අංශයක් පිහිටුවා තනතුරු බෙදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 274 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site