(රෝෂන් තුෂාර)
ගුරු විදුහල්පති සමිති සම්මේලනය ඇතුළු ගුරු සංගම් පොල්දූව මංසන්ධියේ අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ලෙස පැවැත්වීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (05) පෙරවරුවේ නියෝගයක් නිකුත් කළේය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම යන ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙමඋද්ඝෝෂණය සංවිධානය කර තිබිණි
වැලිකඩ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාද මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ අදාළ නියෝගය මහජන පීඩාවන් වැලැක්වීමට හා කලහ කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හැසිරීම වැළැක්වීමට පමණක් නිකුත් කරන බව ය .
අද දින පාර්ලිමේන්තුව රැස්වන දිනයක් බැවින් ඉල්ලීම් හයක් මුල්කරගනිමින් මෙම ඉල්ලීම කළේය .
ගුරු විදුහල්පති සමිති සම්මේලනයේ ලේකම් ජෝසප් ස්ටාලින් ,ලංකා ගුරු සේවයේ සමිතියේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ,සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් පඤ්ඤාසාර හිමි ,ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ලේකම් මොහාන් වීරසිංහ ,විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක ,ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර ,ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක,ස්වාධීන අධ්‍යාපනය සේවක සංගමයේ සේවක සංගමයේ සභාපති ජගත් ආනන්ද සිල්වා යන විත්තිකරුවන්ට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගුරු විදුහල්පති උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්
Lal Tuesday, 05 December 2023 11:22 PM
තමුසෙලා දැන් කෑ ගහල වැඩක් නෑ... පුරුදු විදියට තුවක්කු ටික අරගෙන වැඩේ පටන් ගමු .... අපි JVP
Bamunuarachchi Wednesday, 06 December 2023 07:42 AM
වැලි සහිත වතුර ගැසුවොත් මොවුන්ව sand blast කරන්න පුළුවන්. කළු උන්දැලා සුදුවෙලා ගෙදර යයි. අපි මෙහෙම කියන්නේ ගුරුසිත් රිදවන්න නොවෙයි ඔතන ඉන්න ඉස්ටාලින් අමරසිංහ වැනි JVP අංකුරයෝ ඔබලාගේ පිටින් JVP ය බලයට ගෙනෙන්න උත්සාහ කරන නිසයි. රට බංකොලොත් වෙලා ඇති මොහොතේ මේ කාලකන්නි JVP කාරයෝ හදන්නේ බොරදියේ ගුරුවරු බාගන්නයි.
fairoosWednesday, 06 December 2023 02:21 PM
බමුණා වගේ අය ඉන්නකන් රටට අබ සරණයි.
Bamunuarachchi Wednesday, 06 December 2023 04:58 PM
මොකද අද මස්කඩේ වහලාද? අපේ රට හදන්න යන්නේ ගම්මිරිස් හොයන්න ආපු හම්බ සෙට් එක...!