IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගිය වසරේ වැඩිම දරු සුරතල් බැලූ රට ඉන්දියාව

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය වසරේදී  වැඩිම දරු උපත්වාර්තා වන්නේ ඉන්දියාවෙන් බව විෂුවල් කැපිටලිස්ට් වෙබ් අඩවිය පුරෝකතනය කළේය.

බිළිඳු බිළිඳියන් කෝටි 13.23 ඉකුත් වසරේ මෙලොව එළිය දැක ඇති බව ද එම වෙබ් අඩවිය වාර්තා කරයි. 

දෙවැනි ස්ථානයට වැඩිම ළදරු උපත් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ චීනයෙන් බවත් තෙවැනි ස්ථානයට වැඩිම ළදරු උපත් සංඛ්‍යාවක් පාකිස්තානයෙන් වාර්තා වී ඇති බවත් එම වෙබ් අඩවිය පවසයි.

මෙම වසරේදී ඉන්දියාවේ ළදරු උපත් කෝටි 2.31 ක් වාර්තා වී ඇති බවත් චීනයෙන් ළදරු උපත් ලක්ෂ 87 ක් වාර්තා වී ඇති බවත් එම වෙබ් අඩවිය පුරෝකතනය කළේය.

එසේම පකිස්තානයේ පසුගිය වසරේදී ළදරු උපත් ලක්ෂ 69 ක් වාර්තා වී තිබෙන බවද එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

වැඩිම බිළිඳු බිළිඳියන් පිරිසක් මෙළොව එළිය දැක ඇත්තේ ආසියාවේ බවත් ආසියාවේ පසුගිය වසරේදී බිළිඳු බිළිඳියන් කෝටි 6.51 ක් උපත ලබා ඇති බවත් විෂුවල් කැපිටලිස්ට් වෙබ් අඩවිය පැවැසුවේය.

බිළිඳු බිළිඳියන් කෝටි 4.71 ක් අප්‍රිකාවේ උපත ලබා ඇති බවත් යුරෝපයේ බිළිඳු බිළිඳියන් ලක්ෂ 62 ක් සහ උතුරු ඇමෙරිකාවේ ලක්ෂ 76 ක් උපත ලබා ඇති බවත් එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.



අදහස් (0)

ගිය වසරේ වැඩිම දරු සුරතල් බැලූ රට ඉන්දියාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site