IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගුවන් හමුදාවේ පිරිස් බලය අඩු කරයි

(ඉන්දිකා රාමනායක)

ගුවන් හමුදාවේ  ව්‍යුවහාත්මකව වෙනස් කරමින්   35,000 ක ගුවන් හමුදා පිරිසෙන් 27,000 දක්වා අඩුකර ඇති බවත්, ගුවන් හමුදාවේ පිරිස් බලය වෙනස් කළත් ගුවන් හමුදාවේ  කාර්යාක්ෂමතාවය සහ ඵලදායිතාවේ කිසිදු අඩුවක් සිදුව නොමැති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පැවසීය.

ඉදිරියේ දී එම කාර්යක්ෂමතාව සහ පලදායිතාව එලෙසින්ම   පවතින බවත් රජයේ ප්‍රතිපත්ති වලට  අනුගත වෙමින්  තවදුරටත්  ගුවන් හමුදාව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකරමින්   කාලානුරූපීව  කටයුතු කරන බවද ගුවන් හමුදාපතිවරයා කීය.

නවීන තාක්ෂණය, කෘත්‍රිම ඥාණය භාවිතා කරමින් ඉදිරියේ දී ගුවන් හමුදාව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකරමින් නව මාවතකට පිවිසෙන බව ගුවන් හමුදාපති   එයාර් මාෂල්  උදේනි  රාජපක්ෂ මහතා  පැවසීය.

නව  වෙනස්කම් සිදුකළ ද  ගුවන් හමුදාවේ කාර්යක්ෂමතාව සහ පලදායිතාව එලෙසින්ම   පවතින බවත් රජයේ ප්‍රතිපත්ති වලට  අනුගත වෙමින් අවශ්‍ය ගුවන් යානා, මිළදී නියමුවන් රහින ගුවන්  ලබා ගැනීමෙ සම්බන්ධයෙන්  විශේෂ අවදානයක් යොමුකර ඇති බවද ගුවන් හමුදාපතිවරයා  කීය.

එයාර් මාෂල් උදේනි රාජපක්ෂ  මහතා  ශ්‍රිලංකා  ගුවන් හමුදාවේ   19 ගුවන් හමුදාපතිවරයා වශයෙන්   බාර ගැනීමෙන් පසු අද  (30) පෙරවරුවේ  ගුවන් හමුදා මුලස්ථානයේ පැවති ප්‍රථම මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

ගුවන් හමුදාවේ පළමු හා ප්‍රධාන කාර්යභාර්ය  ගුවන් තලය ආරක්ෂා කිරීම බවත්, ඒ වෙනුවෙන් ලබා දී ඇති  මෙවලම් හා පුහුණු මිනිස් ශ්‍රමය දියුණුකරමින් ගුවන් තලය තවදුරටත් ආරක්ෂා කිරීම ගුවන් හමුදාපතිවරයා වශයෙන්  තමන්ගේ අංක එකේ කාර්ය බාරය බවද ගුවන් හමුදාපතිවරයා  කීය.

සයිබර් තාක්ෂණය කටයුතු  සම්බන්ධයෙන් ගුවන් හමුදාව විශේෂ අවදානය යොමුකර ඇති බවත්, නියමුවන් රහිත ගුවන් යානා,ඩ්‍රෝන තාක්ෂණය  යොදා ගනිමින්  ඉදිරියේ  පුළුල් ලෙසින් මෙහෙයුම්  කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවද  හෙතෙම කීය.

විශාල වශයෙන් භට පිරිස් යොදා සිදුරන මෙහෙයුම් වෙනුවට නවීන  තාක්ෂණය   සහ කෘත්‍රිම ඥාණය භාවිතා කරමින්  අවට පරිසර  පිළිබඳ දැනුමක් ලබාගෙන   ඉතා අඩු පිරිසක් යටතේ එම මෙහෙයුම් කටයුතු කිරීමට හැකියාව ඇති බවද   ගුවන් හමුදාපතිවරයා පැවසීය.

ඩ්‍රෝන යානා  සහ නියමුවන් රහිත ගුවන් යානා භාවිතා කරමින්  භාවිතා රථවාහල පාලනයට අතරව අපදා කළමනාකරණය, මෙහෙයුම්,  ඩෙංගු  මර්දන , මත්ද්‍රව්‍ය පාලනය, කටයුතු රැසක්  වෙනුවෙන් ස්විශේෂයි කාර්ය බාරයක් ඉටුකරන බවත්,  මිනින්දොරු දෙපාර්තමේන්තුවේ සිතියම් ගතකිරීම සදහා ද  වෙත විශාල සේවයක් ලබා දී  ඇති බවද ගුවන් හමුදාපතිවරයා කීය.

සාමසාධක   රාජාකාරි සදහා  ගුවන් හමුදාව හෙළි කොප්ටර් යානා තුනක් සහ 110 පිරිස් බලයක්  සහභාගි කරවමින් ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් මේ දක්වා රජයට උපයා දී ඇති බවද ගුවන් හමුදාපතිවරයා කීය.

යුධ  සමයේ   භාවිතා කළ  යම් යම් මුල්‍යම අපහසුතා නිසා අලුත් වැඩියා නොකළ හෙළිකොප්ටර්  සහ ගුවන් යානා  රජයේ උපදෙස් මත කඩිනමින්  අලුත් වැඩියා කර   ඉදිරියේ සාම සාධක කටයුතු සදහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

ඒ තුළින්  ආර්ථික වාසි මෙන්ම,  ගුවන් හමුදා සාමාජිකයන්ගේ නිපුනතා ඉහළ නැංවී    ගුවන් හමුදා සමාජිකයන්ගේ හැකියාවන් ජාත්‍යන්තරයට ගෙන යා හැකි බව ද  ගුවන් හමුදාපතිවරයා කීය.

ගුවන් හමුදාවේ   සියට 30 ක  කාත්නා නියෝජනයක් ඉදිරියේ බලා පොරොත්තු වන බවත්,  ගුවන් නියමුවරියන් බදවා ගැනීම ද   තවදුරටත් වැඩිකර ඇති බවද  ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් කීය.



අදහස් (0)

ගුවන් හමුදාවේ පිරිස් බලය අඩු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 749 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site