IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගුවන් පාලකවරුන් තවත් 50ක් බඳවා ගන්න යයි

(සුජිත් හේවාජුලිගේ)

ගුවන් ගමන් පාලක වරුන් තවත් පනස් දෙනකු වහාම පුහුණුව සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙස වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  ගුවන් තොටුපොළ  හා ගුවන්සේවා සමගමේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

ගුවන් ගමන් පාලක වරුන් රට අතහැර යෑම නිසා එම ක්ෂේත්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ රත්මලානේ පිහිටි සිවිල් ගුවන්සේවා පුහුණු පාසලට පැමිණි අවස්ථාවේදීය.

මෙම පුහුණු කටයුතුවලදී එක් පාලකවරයකු සඳහා දළ  වශයෙන් රුපියල් ලක්ෂ 50 ක  පමණ මුදලක්  රජය වැයකරන බවත්,  පුහුණුව අවසන් කර රටහැර ගියහොත් එය රටට දරාගත නොහැකි පාඩුවක් බවත් අමාත්‍යවරයා කීවේය.

එසේම ඒ හේතුවෙන් ගුවන් සේවය කඩාවැටීමක්ද සිදුවිය හැකි බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

එබැවින් පුහුණුව නිමකර සේවයට බඳවා ගන්නා  ගුවන් ගමන් පාලකවරයකුගෙන් රුපියල් කෝටියක  ඇපකරයකට හා වසර 10 ක සේවා කාලයකට යටත්ව බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (6)

ගුවන් පාලකවරුන් තවත් 50ක් බඳවා ගන්න යයි

යෝගා Tuesday, 21 February 2023 12:34 PM

දොස්තරලට ඉංජිනේරුවන්ටත් ඔය විදියටම ඇපකරයකට යටත් කරගන්න. නැත්නම් නොමිලේ ඉගෙනගෙන හෙමින්ම රට පනිනවා.

:       1       25

sweneWednesday, 22 February 2023 07:31 AM

නොමිලේ ඉගෙනගන්නා වෘත්තිකයන්ට එවැන්නක් කලාට කමක් නැහැ . එත් දැන් දැන් තම වියදමින්ම ඉගෙන ගත් වෘත්තිකයින් ඉන්නවා. ඔවුන්ට එම සීමාව දැමීම අසාධාරණයි.

:       0       0

Lalla Tuesday, 21 February 2023 02:22 PM

රැකියා ඉලක්ක කරගත් පාඨමාලා සඳහා බැඳුම්කර පැනවිය යුතු අතර රට සඳහා (රජයේ හෝ පෞද්ගලික අංශයේ) අවම සේවා කාලය නිර්වචනය කළ යුතුය. එසේ නොමැතිනම් පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව සහ දඩය නියම කරනු ලැබේ.

:       0       4

විජිත් Tuesday, 21 February 2023 03:05 PM

බෙහෙත් සිරිපාලගේ " ගමේ අටපආස් රෑට රෑට කුකුල් හොරකමේ ගිය ඇට්ටර මෝඩයින් වගයක් මේදවස්වල රෑ ඉංග්‍රීසි පන්තිවලට යවනවාලු ට්‍රෙන් කරන්න, නමුත් මුන්ට බුද්ධිය දෙන්නේ කවුද ? ගුවන් මගීන්ට දෙවියන්ගේම පිහිටයි.

:       4       5

Prabha Tuesday, 21 February 2023 04:19 PM

මටත් චාන්ස් ඒකක් දෙන්න ඔයාට කීයක්ද ඔනෙ?

:       0       0

sugath Tuesday, 21 February 2023 06:38 PM

මහජන බදු මුදලින් පුහුණු කරන සියලු වෘතීන් සඳහා ඇපකරයකට යටත් කිරීම සාධාරණ දෙයක්. අද පුහුණු ශ්‍රමිකයින් විදේශ ගත වීමෙන් රටට සිදුවන පාඩුව, ඒ රටවල් වලින් අපට දෙන ආධාර වලට වඩා වැඩියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site