IMG-LOGO

ගංවතුරින් අවතැන්වූවෝ තවමත් කඳවුරුවල

කොළොන්නාව, මීතොටමුල්ල ප‍්‍රදේශයේ පසුගියදා ඇතිවූ ගංවතුරින් හා නිවාසවලට හානි වූ පවුල් 41 ක 150 දෙනෙකු පමණ කොලොන්නාව උමගිලිය ක‍්‍රීඩාංගණයේ පිහිටි කූඩාරම් වල තවමත් රැඳී සිටින බවත් ගං වතුරින් නිවාස හානි සිදුවී තිබීම මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් තම නිවෙස්වලට යාම ප‍්‍රතික්ෂේප කරන අතර ඔවුන් නව නිවෙස් හෝ නිවාස හැර යාම සඳහා වන්දි මුදලක් ඉල්ලන බව කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැවසීය.

එමෙන්ම මෙලෙස කූඩාරම්වල පදිංචිව සිටින ජනතාවගේ තොරතුරු සොයාබැලීම සඳහා බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා එම ස්ථානයට ගිය අතර ජනතාවට ස්ථිර විස`දුමක් ලබාදෙන තුරු හානි වී ඇති නිවාස ගොඩනගාගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට මහ ඇමතිවරයා එහිදී පියවර ගෙන ඇත.

13391367_835293569948853_9031988343681912658_o DSC_5832



අදහස් (0)

ගංවතුරින් අවතැන්වූවෝ තවමත් කඳවුරුවල

විපුල Tuesday, 14 June 2016 03:23 PM

කතාව දෝලාවෙන් ගමන පයින් (බ)

:       0       0

කේෂලා ආමන්ද Tuesday, 14 June 2016 09:03 AM

මිනිසුන්ට ඉක්මනට නිවසක් ලබා දීමට ඉක්මන් කරන්න.(හේ)

:       0       0

ධම්ම Tuesday, 14 June 2016 09:34 AM

මීරියබැද්ද ජනතාව අමතකමවෙලා ගිහින්. ඔවුන් තවම පාරේ. (හේ)

:       0       0

හල්වලගේ Tuesday, 14 June 2016 09:47 AM

මේ මිනිස්සු කටුක ජීවිත ගත කරන කොට පාලකයින් සැප වාහන ගැන කතා කරනවා. (ර)

:       0       0

මාලා Tuesday, 14 June 2016 09:49 AM

මේ මිනිස්සු කදවුරු වල, පාලකයෝ ටික අලුත් වාහන ගන්න ඇස්තමේන්තු හදනවා. (ර)

:       0       0

නාලිකා Tuesday, 14 June 2016 09:51 AM

පව් අසරණ ජනතාව. (ර)

:       0       0

ලලිත් Tuesday, 14 June 2016 11:05 AM

ඔය කුඩාරම් එයාලගෙම අයිතියට පවරා දුන්නා නම් මෙලහකටත් එ්වා කුලියට දීලා හරි විකුණලා හරි පරණ තැන්වල පදිංචියට ගිහින්.(හේ)

:       0       0

ධනුෂ්ක Wednesday, 15 June 2016 05:45 AM

මේ ඉන්න ගොඩාක් අය දැන දැන වගුරුබිම් ගොඩකරලා ගෙවල් හදාගෙන ඇත්තේ. කොළොන්නාව පැත්තෙ පහත්බිම් දැනට වසර 10ක් ඇතුළත ශීඝ්‍රයෙන් ගොඩවුණා. මේකට වැඩිවශයෙන්ම වගකියන්න ඕනෑ ප්‍රාදේශීය දේශපාලඥයින්. මොකද එයාලා තමයි හෙන්චයියලාට මෙහෙම පදිංචිවෙන්න දීලා ලයිට්, වතුර ලබාදීලා තියෙන්නෙ. දැන් මේ අය කියනවා රජයෙන් නිවාස දෙන්නලු. හැබැයි මෙයාලගෙ ක්‍රියාවන් නිසා තමයි මෙම ප්‍රදේශවල පාරම්පරිකව ජීවත්වන ජනතාවගෙ ගෙවලුත් යටවුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 531 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site