(සුජිත් හේවාජුලිගේ)
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
බදුල්ල අම්පාර සහ මොනරාගල යන දිසාවන්හි ගල් කොරි හිමියන් මෙසේ ගෙවීම් පැහැර හැර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
බදුල්ලේ ගල් කොරි හිමියන් රුපියල් ලක්ෂ පනස් එකකට වැඩි මුදලක්ද අම්පාර ගල් කොරි හිමියන් තුන්කෝටි හතළිස් එක ලක්ෂයකට වැඩි මුදලක්ද මොනරාගල ගල් කොරි හිමියන් හැත්තෑ හය ලක්ෂයකට වැඩි මුදලක්ද මෙසේ ගෙවීම පැහැර හැර තිබූ බව විගණන කාර්යාලය පවසයි
මේ අතර නුවරඑළිය දිසාවන කාර්යාල බලප්‍රදේශයේ ඉදිකර ඇති දුරකතන සම්ප්‍රේෂණ කුළුණු හයක බලපත්‍ර අලුත් නොකිරීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටියකට වැඩි ආදායමක් අහිමිව තිබූ බව වාර්තාවේ දැක්වේ
දෙපාර්තමේන්තුවේ ගිනි පාලන වැඩසටහන් හා ක්‍රමවේදයන් ප්‍රමාණවත් හා විධිමත් නොවීම හේතුවෙන් , ගිනි තැබීම් නිසා වාර්ෂිකව විශාල භූමි ප්‍රමාණයක් හානියට පත්වන බව නිරීක්ෂණයවී යැයි විගණන අංශ පවසයි.
දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල පුරප්පාඩු 617 ක් පවතින බවද වාර්තාව සඳහන් කරයි.
වලස්මුල්ල පැළ තවාන්වල සේවය සඳහා කම්කරුවන් 1059ක් යොදවා ගෙන ලක්ෂ 18කට වැඩි වැටුප් ගෙවා ඇති බවත් ඉන් දෙසීය දෙනෙකුගේ නම් ජාතික හැඳුනුම්පත් අංක ඡන්ද හිමි ලේඛනය සමග නිවැරදි නොවන බවට නිරීක්ෂණය වූයෙන් එම කම්කරුවන් සත්‍ය වශයෙන් ඒ කටයුතුවලට යොදාගත්තේදැයි සනාථ නොවන බවත් විගණන නිලධාරීහු පෙන්වා දෙති
මේ තොරතුරු සඳහන් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්
pj Tuesday, 31 December 2024 03:24 AM
මුහුණු පාට කරන කොණ්ඩා සැරසිලි හා මනාලියන් අන්දවන තැන්වලට කාන්තා සංරක්ෂණය යටතේ උපරිම බදු ගැසීමෙන් පොහොසත් සමාජයක් සමග පොහොසත් රටක්.....