(ජේ.කේ.එල් චාමින්ද)
නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
මේ අතුරින් ජනවාරි 13 සිට 26 දක්වා ගතවු දින 14 ක කාලය තුල පාසල් දරු දැරියන් 38 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවද ඒ මහතා පවසයි. වැඩිම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තාවන්නේ බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බව සදහන් කළ ඒ මහතා එම සංඛ්‍යාව 17ක් බවද හෙතෙම පෙන්වා දෙයි. එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් 05කින් මෙම ආසාදිත දරු දැරියන් වාර්තා වී ඇත. ගිංතොට ප්‍රදේශයේ පාසලක සිසු දරු දැරියන් 12 නෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදනය වී ඇති මෙකි සිසු දරු දැරියන්ගේ මව හා පියා ආසාදනය වීම නිසා දරුවන් පළමුපෙළ ආශ්‍රිතයින් වු අය බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා මෙම දරු දැරියන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි අය බවද පෙන්වා දෙයි.
බලපිටිය සෞඛය වෛද්‍ය නිලධාරි කොට්ඨායෙන් පාසල් දරු දැරියන් 04දෙනෙකු, අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01 අයෙකු, බොපේ පොද්දලින් 17නෙකු, බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01 අයෙකු, හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 03නෙකු, හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 02නෙකු ඉමදුව හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ දෙකෙන් සිසු දරු දැරියන් 01 බැගින් වාර්තා වි ඇත. ගාල්ල මහනගර සභා බලප්‍රදේශයෙන් 05 දෙනෙකු, නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 04 දෙනෙකු, රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 02දෙනෙකු සහ උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 02දෙනෙකු වාර්තා වී ඇත. ගාල්ල නගරයේ පිහිටි බාලිකා පාසලක ගුරුවරියකටද කොරෝනා ආසාදනය වී ඇති අතර කොරෝනා ආසාදිත සිසු දරු දැරියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සිසු දරුවන් 38 දෙනෙකු හා ගුරුවරුන් 13 දෙනෙකු හදුනාගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගාල්ලේ පාසල් 26ක සිසුන් 43කට කොරෝනා
සිසිල් සුදේශ් Wednesday, 27 January 2021 03:49 AM
ලංකාව පුරාම පාසල් පොකුරක් එනවා වගේ. කෝ අපේ මහාචාර්ය පීරිස් සහ ආචාර්ය පෙරේරා?
pakeer Wednesday, 27 January 2021 06:00 AM
දැන් තමයි තොවිලේ පටන් ගන්නේ... අර මුල් වතාවේ වගේ එකට ඇක්ෂන් ගත්තා නම් පාලනය කරගන්නවා. පාර ටෝක්ස් දුන්නනේ...