IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ගලගොඩඅත්තේ හිමිට - බොදු බල සේනාවට නෝර්වේ ආධාර දුන්නා

(දසුන්  රාජපක්ෂ)

ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය, ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (28) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බොදුබල සේනාවේ භික්ෂූන් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයට ගෙන්වාගෙන මාර්ගෝපදේශනයක් ලබා දීමට එම රාජ්‍යයේ පිරිසක් කටයුතු කර ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

තමා පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ධූරය දැරූ සමයේ කළ සොයා බැලීමකදී මෙම කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද  ඒ මහතා පැවසීය.

කුලියාපිටියේදී  සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශ යොදවා එම තත්ත්වය මැඩ පැවැත්වීමට හැකිවූ බවද විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

පැය හතරකට ආසන්න කාලයක් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද රැස්විය.



අදහස් (20)

ගලගොඩඅත්තේ හිමිට - බොදු බල සේනාවට නෝර්වේ ආධාර දුන්නා

Gamage Friday, 28 February 2020 12:29 PM

බොදු බල සංවිධානය කියන්නේ නොර්වේ වලින් සල්ලි ගන්න සංවිධානයක් කියලා අපි මුල ඉඳලම දන්නවා. නොර්වේ කියන්නේ කොටින්ට කෙලින්ම ආධාර කරපු රටක්. දැන් කොටින්ට ඕනේ උතුරු, නැගෙනහිර දෙකම එකතු කරන්න. මේකට තියෙන ලොකුම බාධකය තමයි නැගෙනහිර සහ උතුරේ ඉන්න මුස්ලිම්වරු. මුස්ලිම්වරුන්ට සිංහලයන්ව එපා කරවන්න තමයි නොර්වේ මේ ගැටේ ගැහුවේ. දැන් මුස්ලිම්වරු මෙන්ම සිංහලයන් ඉන්නේ සැකයෙන්... දැන් මුස්ලිම්වරුන්ට දෙමළ මිනිස්සු එක්ක එකතු කරලා සිංහලයා එක්ක ඉන්න බැහැ. අපි දෙමළ මිනිස්සු එක්ක එකතුවෙමු.. යන තත්වයට පත් කරන්න තමයි ඔය දැඟලුවේ. නැතුව එක පාරටම මුස්ලිම් විරෝධයක් මතු කරන්න බොදු බලය හිටපු ගමන් පාත් වුණා. දැන් තමයි බලලා එළියට පනින්නේ.

:       6175       1821

මාවිල්මඩ වජිර හිමි Friday, 28 February 2020 07:41 PM

බොදු බලය පිටුපස ඇති දේශපාලන හස්තය ගැනත් කිව්වා නම් හොඳයි නේද මන්ත්‍රීතුමා..? බොදු බලය හරහා සිංහල සමාජය තුළ ජාතිවාදී හැඟීම් අවුස්සලා බලය ගත්තා.. මේ පාලකයින්ම තමයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් පඩිගෙවලා සහරාන්ලා පෝෂණය කළෙත්... ඒ ඇත්තෝ යහතින් වැජඹෙනවා. අපි ජාති ආලයෙන් මත්වෙලා කාකොටා ගන්නවා..

:       0       32

tarzanSaturday, 29 February 2020 05:25 AM

බලාපොරොත්තු වෙච්චි ඇමතිකම නොලැබුණාම...

:       71       1340

dilanSaturday, 29 February 2020 09:41 AM

හරි, බොදුබල සේනාව නෝර්වේ වලින් සල්ලි ගත්තාමයි කියමුකෝ. මට වැටහෙන්නේ නැත්තේ අපේ රටට නොර්වේ ඇතුළු සියලුම රටවලින් සල්ලි (නය හෝ ආධාර විදියට) අරගෙන ඔහෙලට කන්න, අඳින්න, වාහනයට පෙට්‍රල් ගහන්න පුලුවන්නම් ඒ හාමුදුරුවන්ට බැරි ඇයි?

:       114       19

SIRINIMAL Friday, 28 February 2020 12:54 PM

තව,තව?

:       0       0

hasan Friday, 28 February 2020 01:00 PM

තිත්ත ඇත්ත. පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න මාහ මොළකරුත් වහාම ජනතාවට එළිකරන්න.

:       0       0

Pradeep Friday, 28 February 2020 01:18 PM

බෞද්ධ අන්තවාදයක් ලංකාවේ තිබුණේ කොයි කාළේද..? අන්‍ය ආගමිකයින් බෞද්ධ උරුමයන් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිවීම බෞද්ධ අන්තවාදයද? බෞද්ධ සිද්ධස්ථාන, බුදු පිළිම විනාශ කිරීමට විරුද්ධ වීම බෞද්ධ අන්තවාදයද? ඔබ ඔය කියන පාලන සමයේ තිබූ ඊනියා සහජීවනය නිසා වැඩිපුරම පීඩා වින්දේ සිංහල බෞද්ධ ජනතාව... කවුද ඒ අය වෙනුවෙන් කතාකලේ, කවුද ඒ අය වෙනුවෙන් පෙනී හිටියේ.. කිසිම NGO එකක් ඒ ගැන කතා කළාද? බෞද්ධ අන්තවාදයක් අපේ රටේ තිබුනේ නෑ. එහෙම තිබුණා කියලා පිළිගත හැකි සාක්ෂි තිබේ නම් ඉදිරිපත් කර ඊට අදාළ අයට නිසි දඬුවම් ලබාදෙන්න. බෞද්ධ අපි කැමති නෑ කාටවත් හිංසා කරන්න. හැබැයි එහෙම කියලා අපේ උරුමයන් විනාශ කරන්න කෙනෙක් උත්සාහ කරන්නේ නම් නිහඬව ඉන්නෙත් නෑ.

:       3379       4122

KamalFriday, 28 February 2020 11:40 PM

එතකොට දැන් සද්ද නැත්තේ උරුමයන් විනාශ කරන එක නවත්වලද...? ඥාණසාර හිමියනි...

:       1214       1244

BamunuarachchiSunday, 01 March 2020 01:38 AM

ගොන් පාට දමන්න එපා. විජේදාස මහතා කියා ඇතිදේ සිහි බුද්ධියෙන් කියවන්න. නොර්වේ කාරයෝ ගහන්න ඇදපු යටි උගුලයි පෙන්වලා තිබෙන්නේ එකට අපි අසු උනානම් අපි අමාරුවේ. නොර්වේ කාරයෝ හැදුවේ ඥානසාර හිමියන්ට මුදල් පරිත්‍යාග කොරලා අන්තවාදීන්ට විරුද්ධව කැරලි ඇති කරලා පසුව මානව හිමි කොමිසමේ සාක්ෂි දෙන්න. සිංහල බෞද්ධයා ජාතිවාදීයෝ ලංකාවේ මුස්ලිම් අයගේ මානව හිමිකම් නැතිකරනවා කීමට. එතුමා ඒ ගැටෙන් අපිව බේරා ගත්තා. අපේ මුස්ලිම් වර්ජනය වෙනම කරමු අත පුච්චා ගන්නේ නැතිව.

:       6       0

Hafeel Friday, 28 February 2020 02:14 PM

නෝර්වේ රාජ්‍යයට ඕනේ මේ රට කෑලිවලට කඩන්න. කොටි ත්‍රස්තයන් හැර ඔවුන්ට කරගන්න බැරිවුණා මේ වැඩේ, මුස්ලිම් සිංහල ගැටුම් ඇතිකරල හරි මේ රට කඩන්න හදනව. සුඩානය සහ කොරියාව දෙකට කැඩුවෙත් මේ නෝර්වේ තමයි. දෙමල ඩයස්පෝරාව ඉදිරියේ එරික් සොල්හෙම් ළඟදී කියා තිබුණා, අවසන් සටන යද්දී තාවකාලිකව හරි සටන් විරාමයකට යන්නයි කියල ප්‍රභාකරන්ට උපදෙස් දුන්නයි කියලත්, ප්‍රභාකරන් මීයයාම පිළිබඳව ඔහුට ඉතා දුකයි කියලත්, 2009 මැයි 19 වැනි දින ඔහුට ඉතා කනගාටු දිනයි කියලත්. නමුත් කනගාටුයි මේ සොල්හෙම්ට මේ රටේ පාලකයෝ කියන්නේ නෝර්වේ සාම නියෝජිත කියල.

:       0       1

Don Friday, 28 February 2020 03:21 PM

නෝර්වේ අයගේ තියෙන චණ්ඩි පාර්ට් සමගම ඩොලර් එනකොට ඇඳගෙන ඉන්න දේත් අමතකයි.

:       0       0

vidya Saturday, 29 February 2020 01:21 AM

විජේදාස රාජපක්ෂ කියන්නේ දෙපැත්තට පනින කෙනෙක්... ගලබොඩ අත්තේ හාමුදුරුවෝ එළියට ඇවිත් ප්‍රකාශයක් කරන්න කව්ද ඇත්ත කියන්නේ කියලා...

:       82       1228

ලුම්බිණි Saturday, 29 February 2020 02:08 AM

බෞද්ධ අන්තවාදයක් ලංකාවේ නැතැයි කියලා කියන්න බැහැ. සමහර බෞද්ධ කියලා කියාගන්න උදවිය බුදුදහමේ තිබෙන මූලික සංකල්පයවත් නොදන්නා අය...

:       1361       402

Kusum Saturday, 29 February 2020 05:47 AM

දැනුත් පේනවා ඇතිනේ ගලබොඩ අත්තේ හාමුදුරුවෝ දේශපාලකයින්ට කඩේ යන හැටි... මේ ගොල්ලෝ කරොත් හොඳයි කියනවා. ඒ ගොල්ලෝ කරොත් නරකයි කියනවා. හොඳම වැඩේ සයින්දමර්දු නගර සභාව ගැන...

:       1192       1242

Rohana Saturday, 29 February 2020 06:02 AM

තව ටික දවසකින් විජේදසම කියයිද දන්නේ නැහැ බොදුබල සේනාවේ බෞද්ධ අන්තවාදයක් නැහැ නොර්වේන් මුදල් ලැබුනෙත් නැහැ කියලා.

:       0       0

chinthaka Saturday, 29 February 2020 09:43 AM

අපි දැක්කා ඒ කාලේ "බෞද්ධ කටයුතු" ඇමතිතුමා වශයෙන් ඔබතුමා කියනවා මේ රට "බෞද්ධ රටක් නෙමෙයි" කියලා. ඔන්න ඕකට තමය් කියන්නේ ඔබතුමාලා වගේ ගොයියන්ට "බලේ තියෙද්දී මොලේ නැහැ, මොලේ තියෙද්දී බලේ නැහැ" කියලා කියන්නේ..

:       49       30

ගරසරප Saturday, 29 February 2020 10:35 AM

සිංහල ජාතිකත්වය කියන්නෙ එකක්. ඔය වගේ කොන්ත්‍රාත්කරුවන් දෙමළ, මුස්ලිම් සමාජයේත් ඉන්නවා. ඒක මතක තියාගන්න.

:       0       54

saali Saturday, 29 February 2020 11:05 AM

විජේදාස මහත්තයා නම් කාගෙන්වත්, කිසිමදෙයක් අරගෙනත් නැහැ. ගන්නෙත් නැහැ. ඒ හින්දනේ අනුන්ට මෙහෙම කියන්නේ. එතුමගේ කොලේ ඉරන්න කවුරුත් නැතිද?

:       1       122

කපුරු හාමි Saturday, 29 February 2020 11:59 AM

මෙයාට ඇමතිකමක් නොලැබුණාට හිතට අමාරු ඇති... සහෝදර සමාගමේ අය වෙනුවෙන් කඩේ ගිය තරමක්...

:       0       1

Bamunuarachchi Sunday, 01 March 2020 01:29 AM

නොර්වේ කාරයෝ සල්ලි දුන්නට වැඩේ නොකෙරුණ නිසා නොවේ කාරයෝ "නොවෙයාර්" උනා නේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 51 0

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 132 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති
2025 මැයි මස 10 10 0

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 78 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 423 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1666 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 507 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1364 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site