IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගම්පහ ශිෂ්‍ය භට ඛණ්ඩයේ වැඩ හොයනු

 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පතිවරයාට එරෙහිව ශිෂ්‍යභට කණ්ඩායම් මෙහෙයවමින් සිදු කරන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජාතික ශිෂ්‍ය භට බලකායෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

විදුහල්පතිවරයාට සුදුසු ආරක්ෂාවක් සපයා එම විදුහල්පතිවරයා යටතේම මෙම පාසල කඩිනමින් විවෘත කරන අමාත්‍යංශයට දැන්වූ බව ද ස්ටාලින් මහතා කීවේය.

පාසලේ ශිෂ්‍ය  භට ඛණ්ඩයට සම්බන්ධ පිරිසක් පාසල් පරිපාලනය සම්බන්ධයෙන් බරපතල ව්‍යාකූලතාවක් ඇති කර ඇති බව ද,  පාසලේ සරඹ සංදර්ශනය සම්බන්ධයෙන් දරුවකුට පහරදීම හරහා පොලීසියට සිදු කළ පැමිණිල්ල හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ පරීක්ෂා කිරීම මෙම ගැටළුව ආසන්න හේතුව බව ද ස්ටාලින් මහතා සඳහන් කෙළ්ය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාට හා ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කර්නල් සූරියකුමාර මහතාට ද පැමිණිලි කළ බවත්,  අධ්‍යාපන ලේකම්වරයා යටතේ පාලනය වන ජාතික පාසලක් වන බණ්ඩාරනායක විදුහලේ මේ වන විට සිදු කර ඇති අලාභය සම්බන්ධයෙන් පූර්ව පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට නීත්‍යානුකූල කි්‍රයාමාර්ගයක් ගන්නා ලෙස  ලේකම්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

මෙම විද්‍යාලයයේ හිටපු විදුහල්පති හිමි නමට හැර මෑතකදී පත්වූ බොහෝ විදුහල්පතිවරුන්ට මෙම ඉරණමම අත්වූ බව කී ස්ටාලින් මහතා එම තත්ත්වය නතර කර දැමිය යුතු බව ද අවධාරණය කළේය.

 

 



අදහස් (0)

ගම්පහ ශිෂ්‍ය භට ඛණ්ඩයේ වැඩ හොයනු

බාහනු Monday, 03 March 2014 06:57 PM

දැන් තියෙන්නේ පාසලේ ළමයින් ට ම කර ගන්න කියල විදුහල්පති ට අයින් වෙන්න. දැන් මේ රටේ ළමයින් ට අධ්‍යාපනයක් අවශ්‍ය නැද්ද ? විෂය භාර ඇමතිතුමා කොහෙද? (අ)

:       0       0

රොකි Monday, 03 March 2014 07:44 PM

විදුහල්පති හැටියට හමුදා නිලධාරියෙක් පත් කොට ඕනෑම අවස්තාවකදී ඕනෑම කෙනෙකුට වෙඩි තැබීමට ඔහුට අවසර දීම සුදුසුය. (අ)

:       0       0

ආරියසේන Monday, 03 March 2014 09:00 PM

කාලයක් සිට එම පාසලේ විනය පිරිහී ඇත. සමහරවිට නමේ ප්‍රශ්නයක් ද ? (නදී)

:       0       0

සඳුනි Monday, 03 March 2014 09:28 PM

මමත් මේ නිව්ස් එක බැලුවා.ඒ නම් ළමයි නෙමෙයි මැරයෝ.වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. (අ)

:       0       0

සත්‍යයා Monday, 03 March 2014 09:31 PM

ගුරු පරම්පරාවත් ඉවරයි සිසු පරම්පරාවත් ? (නදී)

:       0       0

සිරිපාල Tuesday, 04 March 2014 09:46 AM

ස්ටර්ලින් කියන්නේ කව්ද ? ,සත්‍ය තත්වය එය කොහොමද දන්නේ , අනෙක එයා කව්ද අණ දෙන්න. ඇත්ත දන්නෝ දනිති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site