IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගීතමය රූප රචනාවලින් ඔබ වෙත එන 'සාලිය'

2016-08-18-ent-88

වෙනත් වෘත්තීය යෙදෙමින් තම කලාව වෙනුවෙන් කාලය වැය කර තමන්ගේ සිහිනයට ළඟා වීමට උත්සාහ කරන ඔහු සාලිය මුදලිගේ වෙයි. ගීතමය රූප රචනා කිහිපයක් සඳහා දායක වූ ඔහු "සාරවිට" සමග එක්වූ මොහොතකි මේ.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-08-18-ent-91මම සාලිය මුදලිගේ. ඉන්නේ මීගමුව ප්‍රදේශයේ.

 

වෘත්තීය වශයෙන් කුමක්ද කරන්නේ?

මම විදෙස් රැකියා ආයතනයක සේවය කරනවා.

 

කලාවට සම්බන්ධ වුණේ කොහොමද?

මම මුලින්ම කලාවට එකතු වුණේ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඒ අශාන් මධුසංක. ශිවන්ත ප්‍රනාන්දුගේ %බඹරුන්^ ගීතයේ රූප රචනාවලට එක්වීමෙනි.

 

නිරූපණයෙන්ද කලාවට එකතු වෙන්නේ?

ඔව්. ඒ දිල්රුක් විජේසේකර හරහා

 

නිරූපණයෙන් බලාපොරොත්තු මොනවාද?

මම නිරූපණයට ගොඩක් කැමතියි. මම බලාපොරොත්තු වුණේ නිරූපණයෙන්, රංගනය සඳහා දායක වෙන්නයි.

 

මේ වනවිට දායක වෙලා තියෙන වැඩකටයුතු මොනවාද?

මම මියුසික් වීඩියෝ කිහිපයක් සඳහාම දායක වුණා. ඒ ශිවන්ත ප්‍රනාන්දුගේ "බඹරුන්", උදය ශ්‍රී ගේ "අමතලා ආයේ අමතලා" රෝස් අලගියවන්නගේ "හැංගුනු ආදරයක්" පැතුම් මධුරංගගේ "හිනා නැතුවට", විමුක්ති කල්තෝටගේ "සිත තවමත් පතන" අනෝජ් එදිරිමාන්නගේ "ආයේමත් එන්න" ගීතවල රූප රචනා සඳහා දායක වෙලා තියෙනවා.

 

ඉදිරි කටයුතු ගැන සඳහන් කළොත්?

ඉදිරියේදී මම රංගනයෙන් දායක වුණු අලුත් ගීතයක් එළිදැක්වීමට නියමිතයි. ඒ චානක රුවන්ගේ "හීනයක ආදරේ" ගීතයයි.

 

රංගනයට අවස්ථාවන් ලැබුණෙ නැද්ද?

මම තවම මියුසික් සඳහා පමණයි දායක වුණේ.

 

උදව් කරපු පිරිසක් ඇතිනේ. ඒ අයව මතක් කළොත්?

ඔව්, ගොඩක් අය ඉන්නවා. මගේ අම්මා සුනීතා. තාත්තා විමල් මුදලිගේ, අයියා මනෝජ් මුදලිගේ, මුතු සෙල්වම්, සමන්ත සිරිවර්ධන, දිලුක පෙරේරා, ඉෂාර අකලංකා, නිමේෂ් මධුසංඛ, චලන මල්ශාන්, අශාන් මධුසංඛ, ඒ අය මගේ කලා දිවියට ගොඩක් උදව් කළා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-08-18-ent-90
2016-08-18-ent-89
2016-08-18-ent-87



අදහස් (0)

ගීතමය රූප රචනාවලින් ඔබ වෙත එන 'සාලිය'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site