IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගුටි කෑ ගුරු පොලිසියටත් යයි

කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති කාර්යාලයේදී සිසුන් පිරිසකගෙන් පහරකෑමට ලක්වූ බව කියන ගුරුවරයා අද (13) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් ඉදිරිපත් කළේය.

ඊ එන් සුසන්ත හේරත් නම් එම ගුරුවරයාට පහරදුන් සිසුන් සහ ඊට අනුබලදුන් පිරිස මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු නොකිරීමෙන් සිය අයිතිවාසිකම් කඩවූ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ගුරුවරයා පොලිස් මූලස්ථානයට පැමිනිලි කරමින් ඉල්ලා ඇත්තේ තමාට පහදුරන් සහ ඊට අනුබල දුන් පිරිස වහා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මෙම පාසලේ සිදුවී යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සුසන්ත හේරත් ගුරුවරයා ඇතුලු පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා අල්ලස් කොමිසමට ගියහ.

ඊට පසුදින එනම් සිකුරාදා ඔහු සේවයට වාර්තා කිරීමට යද්දි විදුහල්පති කාර්යාලයේදී විදුහල්පති සහ තවත් ගුරුවරියක් ඉදිරිපිට පහරදීම සිදුවූ බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

සුසන්ත හේරත් ගුරුවරයාට විදුහල්පති ඉදිරිපිටදී සිසුන් පිරිසක් පහරදෙනු තමා දුටු බවත් තමාටද එම පිරිස තර්ජනය කළ බවත් පාසලේ ගුරුවරියක පොලිසියට කටඋත්තරයක් දෙමින් කියා තිබේ.

කොළඹ නාලන්දා විද්‍යාලයේ දිගින් දිගටම ඇතිවන ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් කිසිවක් කර නැතැයිද, කඩිනමින් පාසල් පරිපාලනයට එරෙහිව ක්‍රියාත්මක වන ලෙසද, ලංකා ගුරු සංගමය ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලිඛිතව ඉල්ලීමක් කළේය.

 



අදහස් (0)

ගුටි කෑ ගුරු පොලිසියටත් යයි

දයා Thursday, 14 July 2016 07:38 AM

මෙහෙම අධ්‍යාපන ඇමතිලා ඉන්න රටක මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ (බ)

:       0       0

චන්දන Wednesday, 13 July 2016 06:45 PM

පාසලේ නම කැතවෙනවා මේ දෙගොල්ලන්ගේම වැඩ වලින් (නි)

:       0       0

පෙරේරා Thursday, 14 July 2016 08:17 AM

පොලිසිවල ඉන්න අයගෙන් කීයෙන් කීදෙනාටද කොන්දක් තියෙන්නේ? (ම)

:       0       0

ශාන්ත Wednesday, 13 July 2016 11:35 PM

මාත් ආදී නාලන්දියෙක්. දැන් විදුහල තුළ තිබෙන තත්වය ගැන ගොඩාක් දුකයි. විනය අන්තෙටම පිරිහිලා. මැර කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා පාසල තුළදීම. අදාළ බලධාරීන් නම් නිහඬ බව පැහැදිලියි. මොකක්හරි රහසක් තියෙනවා. (නි)

:       0       0

නිමල් Thursday, 14 July 2016 05:17 AM

විනය අතින් ඉහළින්ම බැබලුනු මගේ නාලන්ද විද්‍යාලයේ නම තවදුරත් කැත නොකර නීතිය හරිහැටි ක්‍රියාත්මක කර විද්‍යාලය දූෂිතයන්ගෙන් බේරා දෙන්න (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 13 July 2016 01:00 PM

මේකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි.(හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 13 July 2016 01:15 PM

දේශපාලුවන්ගේ හෙන්චයියලා දාලා ලංකාවේ හැමදේම මුල සිට අගටම අවුල්වෙලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 210 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 403 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site