(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා ජාවාරම් කිරීමට ගිය රත්තරන් කිලෝ ග්‍රෑම් 32 ක් ඉන්දියානු වෙරළාරක්ෂකයින් සහ අදායම් දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශ නිලධාරීන් එක්ව සිදුකල මෙහෙයුම් දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත.
එම රත්තරන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 20 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 70) ක් පමණ වන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේය.
වෙරළාරක්ෂකයන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඉන්දීය මුහුදේ සිදුවන ජාවාරම් පිළිබඳ අවධානයෙන් සිට ඇත.
මණ්ඩපම් ධීවර වාරය වෙත ළඟා වෙමින් තිබු සැක සහිත බෝට්ටුවක් පිළිබඳ අවධානය යොමු වී ඇති අතර එය පරික්ෂාකිරීමට යාමේදී එම බෝට්ටුව පළා ගොස් තිබේ.එම අවස්ථාවේදී එම බෝට්ටුවේ තිබූ රත්තරන් බාර් කිලෝ ග්‍රෑම් 11.6 මුහුදට විසි කර ඇත.
සාර්ථක හඹා යාමකින් පසුව රත්තරන් මුහුදට විසි කල බෝට්ටුව සහ එහි සිටි සැකකරුවන් තුන් දෙනකු ඉන්දීය බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.එසේම මුහුදට විසිකල රත්තරන් තොගයද ඉන්දීය වෙරළාරක්ෂක කිමිදුම්කරුවන් දින දෙකක් පුරා සිදුකල මෙහෙයුමකින් පසුව සොයා ගෙන ඇත.
දෙවැනි මෙහෙයුමේදී රත්තරන් කිලෝ ග්‍රෑම් 21.269 ක් සහ රැගෙන ආ බෝට්ටුවද එහි සිටි සැකකරුවන් දෙදෙනෙකුද ඉන්දීය බලධාරීන් මණ්ඩපම් හි වේදලායි ගම්මානයට දකුණු මුහුදේදී අත් අඩංගුවට ගෙන තිබේ.
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෝටි 20ක රන් ඉන්දියාවට පන්නන්න බැරි වෙයි
prasanna Friday, 02 June 2023 02:55 PM
පක්ෂවලට කෙළ හලනවා ඇති...
Kule Friday, 02 June 2023 03:08 PM
නිදහසේ ලංකාවට ගෙනාව සැනින් නිදහසේ ඉන්දියාවට යවන්න.
wedage Friday, 02 June 2023 03:08 PM
ඉන්දියාවට පුළුවන් දේවල් ලංකාවට බැරිවෙයි.