(රංජන් කස්තුරි සහ රේඛා තරංගනී ෆොන්සේකා)
කොරෝනා එන්නත්කරණ රාජකාරීවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වී තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම නිලධාරීන් එම රාජකාරි කටයුතු කිරීමට විරෝධය දැක්වීම හේතුවෙන් එම තීන්දුව ගත් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියයි.
ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරීන් මෙන්ම ග්‍රාමසේවා නිලධාරීන් ද එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධවීම අනවශ්‍ය අතපෙවිමක් ලෙස ආර්ථ දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යවා තිබෙන බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ඉඳන් එහෙනම් ගාල්ලේ කට්ටිය කොළඹ ඇවිත් ‘‘මාත්‍රාව‘‘ විදගෙන යන්න පුළුවනි.
හැම දෙයක්ම දොස්තරලට කරන්න බැහැ මහත්තයෝ. තව හුඟක් පරිපාලනයට දායක වෙන්න ඕනි හරියට වැඩක් කෙරෙන්න, විශේෂයෙන්ම එන්නත්කරණය වගේ වැඩක්. දොස්තර මහත්වරු හැම දේටම අකුල් හෙලන එකෙන් සහ අන් සේවකයන් සහ ඔවුන්ගෙන් වෙන සේවය අවතක්සේරු කිරීමේ මානසික රෝගයෙන් මිදෙන්න ඕනේ. සමාවෙන්න හැම දොස්තරලම එහෙම නැහැ. රෝහල අතුගාන කෙනාටත් ගෞරව කරන අතලොස්සක් කාරුණික වැදගත් දොස්තර ‘මහත්වරුන්' ත් සිටිනවා.
කොරෝනා කියන්නෙම බොරුවක් ජාත්‍යන්තර ගේම් එකක් වගේ
ඉතුරු එන්නත් ටික ඡන්දය ඉවරවෙලා ගහන්න වෙන්න ඇති.