IMG-LOGO

කොස්තාපල්ට පහර දෙන්න ගිය බස් රියදුරු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන මගීන් 60 කට අධික පිරිසක් නංවාගෙන බීමත්ව බස් රථයක් ධාවනය කරමින් යතුරුපැදියකින් යමින් සිටි කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අනතුරට ලක් කිරීමට උත්සාහ දරා අනතුරුව යකඩ කොල්ලකින් පහර දීමට තැත් කළ සැකකාර රියදුරු අත් අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි

පොලිස් අණ දෙන තොරතුරු කොට්ඨාසයේ සේවයේ නියුතු කොස්තාපල්වරයා  යුද හමුදා රෝහලේ හෙදියක ලෙස සේවය කරන සිය බිරිඳව රැකියා ස්ථානය කරා යතුරු පැදියෙන් රැගෙන යමින් සිටියදී බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

එම අවස්ථාවේදී කොස්තාපල්වරයා ඊට මඳක් ඉදිරියෙන් රයිගම ප්‍රදේශයේ  රථවාහන අනතුරක් සම්බන්ධයෙන් පරීක්ෂාවේ යෙදී සිටි බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් වෙත ඒ බව සැලකිරීමෙන් අනතුරුව සැකකාර රියදුරු යකඩ පොල්ලත් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

එම අවස්ථාවේදී සැකකාරයට යතුරු නොසන්සුන්කාරී ලෙසද ඇසුරුණු බව පොලිසිය සඳහන් කරයි

සැකකරු රත්මලාන අත්තිඩිය පදිංචිකරුවෙකි. සැකකරු  පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

බණ්ඩාරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි



අදහස් (0)

කොස්තාපල්ට පහර දෙන්න ගිය බස් රියදුරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 113 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site