IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොරෝනා අස්සේ වියපත් මව්පියන් රෝහල්වල දමා යති

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්ත වෙද්දී , වයෝවෘද්ධ පුද්ගලයින් කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙනවිත් , ඔවුන් මුළා කොට , අතහැර දමා යාමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි , කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

එලෙස රැගෙන ආ වයෝවෘද්ධ කාන්තාවන් හා පුද්ගලයන් හයදෙනෙකු ඉකුත් 12 සහ 13 දෙදින වාර්තා වූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් කීය.

මෙම කාන්තාවන් හා පුද්ගලයින් අතර විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් සිටින බවත් ,ඇතැමුන්ට සිහිකල්පනාව හෝ නොමැති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටී.

කොරෝනා වසංගත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වී ඇති මෙම අවස්ථාවේදී වයෝවෘද්ධ වැඩිහිටියන් නිවස තුළම රඳවා ගනිමින් රැකබලාගත යුතු අවස්ථාවක , මෙසේ රැගෙන විත් අතහැර දමා යාම , බරපතළ වරදක් බවත් , එය සදාචාරසම්පන්න නොවන ක්‍රියාවක් බවත් වෛද්‍ය බෙල්ලන මහතා පෙන්වා දෙයි.

අති සුඛෝපභෝගී වාහනවලින් වයෝවෘද්ධ පුද්ගලයන් මෙසේ රෝහලට රැගෙනවිත් බාහිර ප්‍රතිකාර ඒකකයේ රඳවා , වෛද්‍යවරයා හමුවීමට යැයි පවසා මුලාකොට , මෙසේ , අතහැර දමා යාමට පුරුදුව ඇතැයි පැවසේ .

ඉන් සමහර පුද්ගලයිගේ පවතින රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර සඳහා වාට්ටු වලට යොමු කර ඇති අතර , සෙසු පුද්ගලයන් රෝහල් පරිශ්‍රයේ රැදී සිටින බව කියා සිටී.

 

 



අදහස් (16)

කොරෝනා අස්සේ වියපත් මව්පියන් රෝහල්වල දමා යති

asanka Friday, 13 August 2021 03:40 PM

රෝහල් පරිශ්‍රයේ cctv කැමරා සවිකොට, මොවුන් රැගෙන එන නරුම දරුවන් සොයා, පොලිසියට අල්ලා දීමට කටයුතු කළ යුතුයි.

:       0       31

Binkunndaa Friday, 13 August 2021 03:54 PM

සිංහල බොදු සංස්කෘතිය..?

:       6       15

මැක්ස්Friday, 13 August 2021 04:20 PM

ඒකට මේ රටේ තැනක් නැති එකනේ බිංකුණ්ඩෝ ප්‍රශ්නේ...

:       3       13

මද්දුමරාලFriday, 13 August 2021 07:15 PM

ආගම කරතියාගෙන ඉන්න ඔක්කොම රටවල්වල සාමයක් නැත. දැනට දියුණු රටවල් සියල්ල ආගම් අතහැර ගොඩක් කල්‍ ගතවී ඇති අතර ජනතාව ආගමට වඩා රටේ නීතියට ගරු කරයි. මෙන්න බෞද්ධ රටවල් ටිකේ කෙරුවාව. කාම්බෝජය. හුන්සෙන් නැමැත්තා, පරණ පොල්පොට් පෙන්න පෙන්නා දැන් අවුරුදු 25 ක් පාලනය කරයි. රටවැසියන්ට වැලේ වැල් නැත. මම අවුරුදු 7 ක් වැඩ කළ නිසා දනිමි. මිනිස්සු පරාණ බයෙන් ජීවත් වෙයි. අන්ධ බෞද්ධයින් වේ. 97%ක් ථේරවාදී බෞද්ධ... වියට්නාමය. නොයෙක් බුද්ධාගමෙන් කැඩී ආ ආගම් අදහයි. බෞද්ධ 14%. මාක්ස් ලෙනින් තනි පක්ෂය ජනතාවගේ කට වසා ජනතාව පෙළයි. අසල්වැසි කාම්බෝජ ජනතාව හූරා කන අතර ඔවුන්ට වියට්නාම් ජාතිකයින් පෙන්නන්න බැරිය. ලාඕසය වියට්නාමයේ වහලෙකි. තනි පක්ෂයක් ජනතාව පෙළෙමින් පාලනය කරයි. අන්ධ බෞද්ධයින් වෙයි. ජපානය 32%ක් බෞද්ධ වන අතර 62%ක ආගමක් අදහන්නේ නැත. ඔවුන් මුතුන් මිත්තන් අදහන ක්‍රමයක් ඇත. යුද්ධයෙන් පසු ආගම් අතහැර ඉතා වේගයෙන් දියුණු වී ඇත. තායිලන්තය හමුදාව පාලනය කරන අතර, මහරජා යුරෝපයේ සිටි නමගිය ගැහැණු සොඬෙකි. මෑතක සිට මිනීමරා ගැනීම් වැඩිවී ඇත. 94.5%ක් බෞද්ධ වේ. එතකොට ලංකාව?

:       0       0

tdr Friday, 13 August 2021 05:02 PM

ඕකත් ඉතින් ආණ්ඩුවේ වැරැද්ද...

:       7       3

NuwanFriday, 13 August 2021 06:45 PM

ඔව්... රටේ සාරධර්ම නැතිකළේ මාධ්‍ය මගින් සහ අධ්‍යාපනයෙන් සාරධර්ම ඉවත් කරලා වර්තමානය වෙද්දී නොමිනිසුන් බිහිවුණේ රට කළ ආණ්ඩුවල වරදින් තමයි. ඒවායේ ප්‍රතිඵල තමයි මේ.. ඕක තේරෙන්නේ නැත්තේ.. ඔලුවේ ගොමද තියෙන්නේ..?

:       0       0

hello Friday, 13 August 2021 07:14 PM

රටට ඩොලර් නැති වුණාට රටේ මිනිස්සුන්ට මොළයකුත්, කකුල් දෙකකුත් නිරෝගි කමත් තියනවා නම් නොමැරී ජීවත් වෙන්න වෙන මුකුත් ඕනෑ නෑ. රට ඇතුලේ ඇවිදින්න කාටවත් බාධාවක් නෑ වගේම තියෙන රස්සා පහසුවෙන්ම කර ගන්නත් පුළුවන්. ඒ වගේම ඒ ක්‍රමයට ගැලපෙන්න කලින් රටේ නොතිබුණු අලුත්ම ගොඩක් දියුණු වෙන ව්‍යාපාරත් හැදෙයි. හැබැයි මිනිස්සු ස්වභාවයෙන්ම කම්මැලියි. ඒ හින්දා දැන්ම ඒවා හොයන්නේ නෑ. දැන් පේන්නේ බෑ කියලා විතරයි. ඒත් අමාරු දේ කළොත්, ඉන් පස්සේ තමයි එයාලා අලුත් ව්‍යාපාර විධි හොයන්නේ...

:       0       0

hello Friday, 13 August 2021 07:16 PM

සංචාරකයින් නැත්නම් අපිට මැරෙන්න වෙයි කියන කට්ටිය දන්නේ නෑ බඩගින්නේ මැරෙනවට වඩා දරුණු දෙයක් අනාගතේ එයාලා දිහා බලන් ඉන්න බව. එක්කෝ ලංකාව ඒ වගේ බේරෙයි.. ඒකය් බාබා වැංගා අපි ගැන නොකීවේ. නැත්නම් බාබා වැංගාට ලංකාව කියන්නේ සැලකිය යුතු රටක් නෙවෙයි. ඔය දේකින් දැන් පේන විදියට හරි එක දෙවෙනි එක වෙන්න ඕනෑ...

:       0       0

ayay Friday, 13 August 2021 07:22 PM

සංචාරකයින් නැත්නම් අපිට මැරෙන්න වෙයි කියන කට්ටිය දන්නේ නෑ බඩගින්නේ මැරෙනවාට වඩා දරුණු දෙයක් අනාගතේ එයාලා දිහා බලන් ඉන්න බව... එක්කෝ ලංකාව ඒ වගේ බේරෙයි. ඒකයි බබා වැංගා අපි ගැන නොකිව්වේ. නැත්නම් බබා වැංගාට ලංකාව කියන්නේ සැලකිය යුතු රටක් නෙවෙයි. ඔය දෙකින් දැන් පේන විදියට හරි එක දෙවෙනි එක වෙන්න ඕනෑ...

:       0       1

hello Friday, 13 August 2021 07:24 PM

අනිත් එක මගේ යාලුවෙක් කිව්වා නිව්ස් වලට කිව්වා කියලා නවසීලන්තේ මේ දවස්වල ලොක් ඩවුන් කියලා. බොරු... කාටහරි නවසීලන්තේ ඇත්ත නිව්ස් ඕනේ නම් නවසීලන්තේ රාජ්‍ය වෙබ් අඩවියෙන් පුළුවන්. එහෙම ලොක් වෙන ඒවා දෙතුන් පාරක් ඉස්සර වුණත් අදාළ වෙන නගර විතරයි. මුල්ම ලොක් ඩවුන් එකට විතරයි ගොඩක් කල් ගියේත්.... පස්සේ ලොක් වුණු ඒවා පොඩි ප්‍රදේශවලට වගේම සති 2ක කාලෙට වගේ එහෙම වුනේ. හරියට කලමනාකරණය කරනවා නම් බේරෙන්න පුළුවන්. අමාරු නෑ. තාමත් පුළුවන්....

:       1       1

hello Friday, 13 August 2021 08:01 PM

මීට ගොඩක් අවුරුදු ගණනාවකට කලින් ජීවත් වුණු සුනාමි ගැන අනාවැකි කියා තිබුණු "බබා වැංගා" ගේ අනාවැකි කිහිපයක් 2019 පත්තරේක ගියා මතකයි. 2025 දී යුරෝපය ජනශුන්‍ය වෙනවා කියලත් එ්කේ තිබ්බා. එහේ මිනිස්සු හරි තීරණ ගන්න බවක් පේන්න නැති නිසා එහෙම වෙනවාට කිසිම සැකයක් මට නම් නෑ. නවසීලන්තය යුරෝපයට අයිති නෑ. එ්කෙනුත් ලොකු සත්‍යයක් දැනටම පැහැදිලි වෙනවා. බාබා වැංගා යුරෝපය ජන ශුන්‍ය වෙනවා කිව්වා මිසක් මහළු මිනිසුන් විතරක් ශුන්‍ය වෙනවා කියලා නෑ. ඒ කියන්නේ බාල, තරුණ සියලුම මිනිසුන් මැරෙන කොරෝනා ප්‍රභේදයක් හැදෙන බවයි. තමන්ගේ බඩ නිසාවත්, තමන්ගේ ඇට්ටරකම නිසාවත් කොරෝනා නොසලකා හිටියොත් ඒ අයත් එක්කම ලංකාවත් ජනශුන්‍ය වෙනවාට කිසිම සැකයක් නෑ. ඔය ඉස්පිරිතාල ගාව දෙමව්පියන් දාලා යන අයත් තමන් බේරුණා.. හිතන් කළාට ළඟදීම එයාලත් ශුන්‍ය වෙනවාට කිසි සැකයක් නෑ...

:       0       3

hello Friday, 13 August 2021 08:02 PM

බාබා වැන්ගා යුරෝපය ගැන කිව්වාට ලංකාව ගැන කියලා නෑ. එ්කේ තේරුම එක්කෝ ලංකාව කොරෝනාවලින් බේරෙයි.. නවසීලන්තයේ වගේ ලොක් ඩවුන් කරලා, සංචාරකයෝත් ගෙන්නන එක නවත්තලා, රට නීරෝගී කරලා, ඉන් පස්සේ රට ඇතුලේ මිනිස්සුන්ට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා. රටට ඩොලර් නැති වුණාට රටේ මිනිස්සුන්ට මොළයකුත්, කකුල් දෙකකුත්, නිරෝගිකමත් තියනවා නම් නොමැරී ජීවත් වෙන්න වෙන මුකුත් ඕනෑ නෑ... රට ඇතුලේ ඇවිදින්න කාටවත් බාධාවක් නෑ වගේම තියෙන රක්ෂා පහසුවෙන්ම කරගන්නත් පුළුවන්. ඒ වගේම ඒ ක්‍රමයට ගැලපෙන්න කලින් රටේ නොතිබුණු අලුත්ම ගොඩක් දියුණු වෙන ව්‍යාපාරත් හැදෙයි. හැබැයි මිනිස්සු ස්වභාවයෙන්ම කම්මැලියි. ඒ හින්දා දැන්ම ඒවා හොයන්නේ නෑ. දැන් පේන්න බෑ කියලා විතරයි. ඒත් අමාරු දේ කළොත් ඉන් පස්සේ තමයි එයාලා අලුත් ව්‍යාපාර විදි හොයන්නේ. සංචාරකයින් නැත්නම් අපිට මැරෙන්න වෙයි කියන කට්ටිය දන්නේ නෑ බඩගින්නේ මැරෙනවට වඩා දරුණු දෙයක් අනාගතේ එයාලා දිහා බලන් ඉන්න බව...

:       0       0

hello Friday, 13 August 2021 08:47 PM

මීට ගොඩක් අවුරුදු ගණනාවකට කලින් ජීවත් වුණු සුනාමි ගැන අනාවැකි කියා තිබුණු "බබා වංගා" ගේ අනාවැකි කිහිපයක් 2019 පත්තරේක ගියා මතකයි. මේ පත්තරේමද මන්දා..? 2025 දී යුරෝපය ජනශුන්‍ය වෙනවා කියලත් එ්කේ තිබ්බා. එහේ මිනිස්සු හරි තීරණ ගන්න බවක් පේන්න නැති නිසා එහෙම වෙනවාට කිසිම සැකයක් මට නම් නෑ. නවසීලන්තය යුරෝපයට අයිති නෑ. එ්කෙනුත් ලොකු සත්‍යයක් දැනටම පැහැදිලි වෙනවා. බබා වංගා යුරෝපය ජන ශුන්‍ය වෙනවා කිව්වා මිසක් මහළු මිනිසුන් විතරක් ශුන්‍ය වෙනවා කියලා නෑ. ඒ කියන්නේ බාල, තරුණ සියලුම මිනිසුන් මැරෙන කොරෝනා ප්‍රභේදයක් හැදෙන බවයි. තමන්ගේ බඩ නිසාවත්, තමන්ගේ ඇට්ටරකම නිසාවත් කොරෝනා නොසලකා හිටියොත් ඒ අයත් එක්කම ලංකාවත් ජනශුන්‍ය වෙනවාට කිසිම සැකයක් නෑ. ඔය ඉස්පිරිතාලගාව දෙමව්පියන් දාලා යන අයත් තමන් බේරුණා. හිතන් කළාට ළඟදීම එයාලත් ශුන්‍ය වෙනවාට කිසි සැකයක් නෑ.

:       0       0

hello Friday, 13 August 2021 08:47 PM

බබා වංගා යුරෝපය ගැන කිව්වාට ලංකාව ගැන කියලා නෑ. එ්කේ තේරුම එක්කෝ ලංකාව කොරෝනා වලින් බේරෙයි. නවසීලන්තේ වගේ ලොක් ඩවුන් කරලා, සංචරකයෝත් ගෙන්නන එක නවත්තලා, රට නීරෝගී කරලා, ඉන් පස්සේ රට ඇතුලේ මිනිස්සුන්ට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා. රටට ඩොලර් නැති වුණාට රටේ මිනිස්සුන්ට මොළයකුත්, කකුල් දෙකකුත්, නිරෝගිකමත් තියනවා නම් නොමැරී ජීවත් වෙන්න වෙන මුකුත් ඕනෑ නෑ. රට ඇතුලේ ඇවිදින්න කාටවත් බාධාවක් නෑ වගේම තියෙන රස්සා පහසුවෙන්ම කර ගන්නත් පුළුවන්...

:       0       0

විශාලම ඇමති නිලධාරි පිරිසක් නඩත්තු කරන අපි ලෝකයේ කාර්යශීලීම අයයි. Saturday, 14 August 2021 12:21 AM

ලංකාවේ මිනිස්සු දුම්රියේ සර්කස් පෙන්නමින් රැකියාව කරන්නෙත් ගොවීන් කම්කරුවන් මැරීගෙන වැඩ කරන අතර වැඩිම විදේශ විනිමය එවීමට ගල්ෆ් කලාපයට මැරෙන්න හරි අවදානමක් අරන් සමහරු යන්නෙත් දේශපාලකයන් සහ එම පවුල්ද , හෙංන්චයියන් හා ඉහල තලයේ අනුගාමිකයන්ද සැපවත් කිරීමටයි. ඒකනෙ කොයි රටෙත් නැති තරම් මැති සභාවක් සහ නිලධාරි සංඛ්‍යාවක් වැද පුදාගෙන ඉන්න සංස්කෘතියක් බිහිවෙලා තියෙන්නෙ.

:       0       0

බද්රානි Saturday, 14 August 2021 01:00 AM

ඕක ඉතින් මේ ධර්මද්වීපය තුල මේ වකවානුවේ පමණක් සිදුවෙන අමුතු දෙයක්ද? නිකමට අහලා බලන්න ඔය දෙමව්පියන් දරුවන්ට දායාද කල ධර්මය,දර්ශනය ආගම දහම මොකක්ද කියලා. ඔය මව්පියන් අතරින් සියයට සියයක්ම ඉන්නේ කුමන කුලකයේද කියලා එතකොට ඔබට වැටහේවි. දෙමව්පියන්ව, ධර්මය, බිරිඳව, දරුවන්ව පවා විකුණගෙන කන ඔවුන් කවුරුන්ද කියා ඔබටම වැටහේවි. කාට තිත්ත උනත් ඇත්ත ඕක තමයි. උඩ බලාගෙන කෙල ගහ ගත්තා වගේ ලජ්ජා මුසු හැගීමක් බහුතරයකට එයි. එත්, මොනා කරන්නද, ඇත්ත තිත්තයි?? කැමතිනම් හැදියල්ලා නැත්නම්, විනාශ වෙයල්ලා!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 0 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 87 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 132 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 322 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 359 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 669 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site