IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට

(සුමිත් පොතුපිටිය)

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි  කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමිණ සිටි ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන්, මැතිවරණ නිළධාරීන් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පැය ගණනාවක් අපහසුතාවයට පත්ව සිටි අයුරු දැකගත හැකිවිය.

පවතින දැඩි අව් රශ්මිය මධ්‍යයේ ඔවුන්  බොහෝ වේලාවක් රැදී සිටී අතර, ඇතැමුන් ඡන්ද පෙට්ටි බිම තබා ඒවායේ උඩද වාඩිවී සිටී අයුරු දැක ගත හැකිවිය.

මේ පිළිබඳ සොයා ගැලීමේදී දැනගැනීමට හැකිි වූයේ කූඩාරම් ඉදිකරන්නට භාරගත් කොන්ත්‍රාත්කරු නිසි පරිදි ටෙන්ට් ඉදිකර නොමැති වීම සහ ඇණවුමට අනුව ප්ලාස්ටික් පුටු ලබාදී නොමැති බවයි.

ඒ අනුව ටෙන්ට් ඉදිකිරීමට රැගෙන ආ යකඩ බට සහ අඩක් නිමකල යකඩ කූඩාරම් ද තැන තැන දැකගැනීමට හැකිවිය.

දීර්ඝ වේලාවක් අව් රශ්මිය මධ්‍යයේ සිටගෙන සිටීමට අපහසුවූ බැවින් පාසලේ පුටු ලබා දුන් බව කළුතර තිස්ස ජාතික ගුරුවරයෙක් පැවසීය.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයුම් කාර්යාලය සදහන් කලේ  ඉල්ලුම් කර ඇති පුටු ප්‍රමාණය සපයා ඇති නමුත්,  ඉතා වේගයෙන් ඡන්ද පෙට්ටි නිකුත් කර ඇති බැවින් සහ වාහන ප්‍රදාන දොරටුව වෙත ගෙන්වා ගැනීමට අපහසුවීම හේතුවෙන් තදබදය ඇතිව තිබෙන බවයි.



අදහස් (1)

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට

prasanna Monday, 05 May 2025 12:20 PM

වැඩක් නිසි පිළිවෙළකට සංවිධානය කරගන්න බැරි අඩු මාසේ ආණ්ඩුවකට රට බාර දීලා බරපතල ව්‍යවසනයකට රට ගොදුරුවෙලා...

:       7       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති වියට්නාම ජනපති හමුවෙයි
2025 මැයි මස 05 25 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී


ජනපතිගෙන් වියට්නාම් ව්‍යවසායන්ට ආරාධනා
2025 මැයි මස 05 114 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


ඌව පළාත් ප්‍රධාන ලේකම්ට ඇප
2025 මැයි මස 05 270 1

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධ


දෙදරු මවගේ සිරුරේ කොටසක් දින 8කට පසු හමුවෙයි
2025 මැයි මස 05 631 0

සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දි


රිය අනතුරින් අයෙක් මරුට: අයෙක් රෝහලට
2025 මැයි මස 05 561 1

අනුරාධපුර,යාපනය ඒ9 මාර්ගයේ රඹෑව ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝදයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටි සිදුවු අනතුරකින් යතුරු පැදි


උතුරෙන් හමුවූ රන් බඩු ගැන විමර්ශන නියෝගයක්
2025 මැයි මස 05 610 3

මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ දස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත රත්තරන් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 695 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 181 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1216 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site