IMG-LOGO

කොළඹ හුදකලා ප්‍රදේශවලට හෙට සිට විශේෂඥ වෛද්‍ය සේවාවක්

 

(මලීෂා ගුණවර්ධන) 

කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින මහජනතාව වෙනුවෙන් හෙට (20) දිනයේ සිට විශේෂ ගිලන් රථ සේවාවක් හා විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.                                                            

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අද (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කීය. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.                                                          
"කොවිඩ් රෝගීන් 325 ක් ඊයේ දිනයේ වාර්තා වුණා. ඉන් බහුතරයක් වාර්තා වුනේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්. රෝගීන් 385 ක් රෝගය සුව වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ දිනය තුල පිටව ගොස් තිබෙනවා. එමෙන්ම මරණ 3 ක් වාර්තා වී තිබෙනවා."                                                             

"කොළඹ මහනගර සභා සීමාව තුළ හුදෙකලා කර ඇති ප්‍රදේශ තුලින් වැඩිපුරම ආසාදිතයික් වාර්තා වී තිබෙන බැවින් එම හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල කිසියම් හෝ රෝගීන් සිටිනවා නම්, ඔවුන්ට රෝහලකට ඒ්මට අවශ්‍යතාවයක් තිබෙනවා නම් එම අවශ්‍යතාවය සදහා මෙම ගිලන් රථ සේවාව  මීතොටමුල්ල විද්‍යාලයේ පැය 24 පුරාම ක්‍රියාත්මක ස්ථාපිත කර තිබෙනවා."

"මෙම ගිලන් රථ සේවාව  011- 3422558  අංකය අමතා ලබා ගත හැකිවනවා. කිසියම් රෝගියෙකුට 1990 ගිලන් රථ සේවාව ලබාගැනීමට අපහසු නම් මෙම සේවාව භාවිත කර කඩිනමින් රෝහලක් වෙත පැමිණිය හැකියි."

 



අදහස් (0)

කොළඹ හුදකලා ප්‍රදේශවලට හෙට සිට විශේෂඥ වෛද්‍ය සේවාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site