(අජන්ත කුමාර අගලකඩ)
හෙටින් (26)ආරම්භ වන සතියේ කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය, ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ .
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට වට්ස්අප් පණිවුඩයක් මාර්ගයෙන් මෙම දැනුම් දීම කර ඇතැයි දැනගන්නට ඇත .
එසේ වුවද ඒ කුමන කාරණයක් නිසා ද යන්න මැති ඇමතිවරුන්ට මෙතෙක් දැනුම් දී නැති බව ද දැනගන්නට ඇත.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන එන බැවින්,ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස සහ පිටරට නොයන ලෙස දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
මේ අතර,මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා,ලබන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුව කැඳවීමට ද නියමිතව ඈතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අතර ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ විදෙස් සංචාර ද මේ සතියේ නතර කර ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ඔවුන්ට දන්වා ඇත.
ලන්ඩනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිවයිනට පැමිණි පසු,ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ලබන 28 (බදාදා ) පැවැත්වෙන බවද ආණ්ඩු පක්ෂ කාර්යාලය දන්වා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොළඹින් යන්න එපා ආණ්ඩුවේ මැති ඇමැතින්ට කියයි
C.K.Lankaputhra Sunday, 25 June 2023 07:08 AM
මේ සැරේ නම් මෙතුමා රට දියුණුම කරලා තමයි නවතින්නේ මගෙ හිතේ... අනේ හොඳයි.
Sunil Sunday, 25 June 2023 07:25 AM
මේ හොර කාලකණ්ණි හැතිකරේට කොහොමටත් කොළඹින් පිට යන්න බැහැ. ගමට පැමිණිය හොත් හොඳහැටි සලකන්න ගම්වාසීන් බලා සිටිනවා.