IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කහවත්තේ ඝාතනයකට ආධාර අනුබල දුන් හතරක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පොලිස් නිලධාරීන් යැයිපවසා නිවසක සිටි සහෝදරයන් දෙදෙනකු අත් විලංගු දමා ජීප් රථයකින් පැහැරගෙන ගොස්  එක අයකු දණගස්වා වෙඩි තබා අනෙක් අයට තුවාල සිදුකර ජීප් රථයෙන් පලා යාමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන්  සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින තනූජ සම්පත් නොහොත් හෝමාගම හඳයා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමන්  බව පොලිසිය කියයි.

එකී අපරාධය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් ඇතූ වූ සැකයක් හේතුවෙන් බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනය කර තිබුණේ කහවත්ත පළං සූරියගම සෙනෙහෙපුර අඹගහයට කඩේ පදිංචිව සිටි දේශාන් ඉරන්ත නැමැති 22 හැවිරිදි තරුණයෙකි. ඉකුත් මස 30  වෙනිදින 9 එම් එම් වර්ගයේ  ගිනි අවියකින් වෙඩි තබා එම ඝාතනය සිදු කර තිබිණි.

 

 

 



අදහස් (0)

කහවත්තේ ඝාතනයකට ආධාර අනුබල දුන් හතරක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 358 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site