IMG-LOGO

කොහොල්ලෑ බබා

2016-08-11-ent-05කවුන්සිලේ ඉන්න එක්තරා මහත්තයකුට කවුන්සිල් සගයො විසින්ම අපුරැ නමක් දාලය කියලා ආරංචියි...

මේ නමේ අයිතිකාරය සෑහෙන තරමේ ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් පට්ටමක් තියන වැඩිය උස නැති ඒ වුණාට මහත දෙහෙත පොරක්ලු. නියෝජනය කරන්නේ ඈත තරමක් සීතල පළාතක්ලු.

කවුන්සිලේදීත් පිටස්තර උත්සව වලදිත් නිතර නිතර නිදාගන්න මුන්නැහේ නියෝජනේ කරන්නෙ බුලත් කොළේ. 

ඉතින් මුන්නැහේ කොහේ මන්ත්‍රි වුණත් වැඩිපුර ඉන්නෙ කොළඹ තමයි... ඒ වගේම වියපත් බඹරෙක් වගේ හැම තැනම කැරකෙන... ලලනා වාසනා ඇති පොරක් බවත් තතුදත් අය කියනව...

දියවන්නා කවුන්සිලේ කාර්ය මණ්ඩලේ ඉන්න නෝනල එක්කත් වගේම කවුන්සිලේට පත්වෙලා ඉන්න නෝනල එක්කත් බොහෝම ඇඟෑළුකම් පාන්න යන මුන්නැහේටත් අරව හැට හතරක් විතර තියන බව සමහරැ කියන්නෙ තරහට වෙන්න ඇතිය කියලත් හිතෙනව අප්පා...

කොහොම හරි මුන්නැහේට අපි කියන අපුරැ නම දාල තියෙන්නෙ කවුන්සිල් නෝනල කස්ටියක් කියන එකයි අපට ආරංචි... ඒ වුණත් මෙතුමා ජ්‍යෙෂ්ඨ කළුකෝට්කාර පොරක් නිසා ඔය නම් ඇහෙන්න කියන්න නම් කාටවත් හයියක් නැහැ. 

කවුන්සිල් නෝනල සභාව පටන් ගන්න තුරැ ලොබියෙ කතා කර කර ඉන්න කොට බැරිවෙලාවත් මුන්නැහේ ඒ පැත්තෙන් යන්න ආවොත් ඈත ඉඳන් කතාව පටන් අරන් ටික ටික ළඟට ඇවිල්ල සමහරවිට උඩරට පළාතෙ කවුන්සිල් නෝනලගෙ අත අල්ලලා සුබ පතන්නත් හරිම උනන්දුයිලු... සමහරැන්ට මේ සුබ පැතිල්ලත් ඊට පස්සෙ සිද්ධ වෙන කතා බහත් වාතයක් වෙලා කියලත් ආරංචියි...

ඒ නිසා උන්නැහේ හෙමින් හෙමින් ඈත ඉඳල රෝල් වෙවී එනකොටම ඔන්න "කොහොල්ලෑ බබා" එනව කියා කවුන්සිල් නෝනල එකපාරටම විසිරිලා යනවලු.

 

DESHAYA

 



අදහස් (0)

කොහොල්ලෑ බබා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site