IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කුසලාන දිනන්න රත්නම් පිලට දොන් බොස්කෝ පිලෙන් අභියෝගයක්

අන්තර් සමාජ ප‍්‍රධානතම ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා රත්නම් කී‍්‍රඩා සමාජයට තවත් කඩඉමක් පසු කිරීමට සිදුව තිබේ. ඒ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නම් පිළිමළුන් පිටුදැකීමේ වටය ද ඔවුන්ට ජය ගැනීමට සිදුව තිබීමයි. පිළිමළුන් පිටුදැකීමේ වටය මේ වසරේ පටන් යළිත් පැවැත්වීමට පාපන්දු සම්මේලනය තීරණය කර ඇත්තේ අනුග‍්‍රාහකයන්ගේ ඉල්ලීමක් පරිදිය. ඒ අනුව ලබන මාර්තු 4 සහ 10 යන දිනවල  එම තරග වටය පැවැත්වෙන අතර මෙවර තරගාවලියේ ශූරයන් නිල වශයෙන් තීරණය කරන අවසන් මහ තරගය ලබන මාර්තු 18 වැනිදා ද පැවැත්වීමට තීරණය කර තිබේ. පසුගිය වසරේ තරගාවලියේ තෙවැනි ස්ථානය ලද රත්නම් කී‍්‍රඩා සමාජය තරග 132 කින් සමන්විතව පැවැති ලීග් තරගාවලියේ ජයග‍්‍රාහකයා බවට පත්වීමට සමත්ව සිටියි. ගියවර ලීග් ශූරතාව දිනාගත් මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම වෙවර සිවුවැනි තැනට පසුබැස සිටියත් ඔවුන්ට ද මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ තවත් අවස්ථාවක් උදාවී  තිබෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයෙන් ඔවුන්ට මේ පිළිබඳව සිතන්නට තවත් අවස්ථාවක් ඉතිරිව තිබෙන බැවිනි. මෙවර නාවික හමුදා කණ්ඩායමේ නැගී සිටීම කැපී පෙනෙන්නේ වසර කීපයකට පසු පළමු වතාවට තරගාවලියට සහභාගිව සිටින බැවිනි. එහෙත් පොලිස් කී‍්‍රඩා සමාජයට ප‍්‍රතිඵල ගැන සතුටු විය නොහැකිය. ඒ ගිය වර සිවුවැනි ස්ථානයට තරගාවලිය නිමා කළ ඔවුන් මෙවර හත් වැනි තැනට පසුබා සිටින බැවිනි. මේ අන්තර් ”ජාවා ලේන්” හා ”නන්දිමිත‍්‍ර” යන කී‍්‍රඩා සමාජවලට ලබන වසරේ තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වේ. ඒ මෙවර ඔවුන් අවසන් ස්ථාන දෙකට පත්වූ බැවිනි. ඒ තැන ලබන වසරේ දී අන්තර් සමාජ ප‍්‍රධානතම පළමු පෙළ තරගාවලියේ ශූරයන් හා අනුශූරයන් බවට පත් වෙන කළුතර පාක් හා මීගමුව යූත් යන කී‍්‍රඩා සමාජවලට  හිමිවෙයි. ඒ අනුව එම කී‍්‍රඩා සමාජ යළිත් වරක් ප‍්‍රධානතම තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගැනීමට සමත් වීම කැපී  පෙනේ. ජවා ලේන් පිල තරග 22 ක දී ජය ගෙන ඇත්තේ දෙකක් පමණි. නන්දිමිත‍්‍ර පිල තරග තුනක් ජය ගෙන තිබේ. පසුගිය වසරේ තරගාවලියට සමගාමීව මෙවර තරගාවලියේ දී රිනවුන් කණ්ඩායම ද ඉදිරියට පැමිණ තිබෙන අතර ගුවන් හමුදා කණ්ඩායම මෙවරත් ප‍්‍රසාද ලකුණු සටහනේ හය වැනි ස්ථානයේ රැුදී සිටියි. එහෙත්  කළුතර  බ්ලූ ස්ටාර්, සෝන්ඩර්ස්, වෙන්නප්පුව නිව් යංග්ස් යන කී‍්‍රඩා සමාජ ද පසුගිය තරගවලියට සමගාමීව මෙවර ලබා ඇත්තේ පසුබෑමකි. තරග ප‍්‍රතිඵල * කලූතර බ්ලූ ස්ටාර්ස් පිල විසින් පොලිස් පිල පරාජය කරන ලදී (1-0) * මීගමුව දොන් බොස්කෝ පිල විසින් රිනවුන් පිල පරාජය කරන ලදී (2-1) * රත්නම් පිල විසින් ගුවන් හමුදා පිල පරාජය කරන ලදී (3-0) * වෙන්නප්පුව නිව් යංග් පිල හා යුද හමුදා පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (3-3) * නාවික හමුදා පිල විසින් නන්දිමිත‍්‍ර පිල පරාජය කරන ලදී (2-1) * සෝන්ඩර්ස් පිල හා ජාවා ලේන් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0) පිළිමළුන් පිටුදැකීමේ තරග වටය පැවැත්වෙන අයුරු * මාර්තු 4: පස්වරු 3.30ට යුද හමුදාවxනාවික හමුදාව අතර සිටි ලීග් පිටියේදී. * මාර්තු 10: පස්වරු 3.30ට රත්නම් හා මීගමුව දොන් බොස්කෝ අතර සිටි ලීග් පිටියේදී. ගුවන් හමුදාව පරාජය කරමින් ලීග් තරගාවලිය ජයග‍්‍රහණය කළ රත්නම් කණ්ඩායම



අදහස් (0)

කුසලාන දිනන්න රත්නම් පිලට දොන් බොස්කෝ පිලෙන් අභියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 723 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site