IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කෝවිඩ් මරණ වර්ග දෙකක්

 
 

(විනීතා එම් ගමගේ)
 
කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෘජු කෝවිඞ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කෝවිඞ් ආශ්‍රිත මරණ ලෙස එම මරණ වෙන්කර දැක්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

රෝහලක කොවිඞ් 19 වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන කොරෝනා වයිරස් රෝගීන් සෘජුවම කෝවිඞ් ආශ්‍රිත මරණ ලෙස ගණන් ගැනෙන බවත් සියදිවි නසාගැනීම් ඇතුළු හදිසි මරණවල පශ්චාත් මරණ පරික්ෂණ පවත්වද්දී සිදුකෙරෙන පීසීආර් පරික්ෂණවල දී කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවන ඒවා වක්‍රව කෝවිඞ් ආශ්‍රීත මරණ සේ සැළකෙන බවත් හෙතෙම සඳහන් කළේය.

අද දින ශ්‍රී ලංකාවේ වාර්තා වූ 22 වන කෝවිඞ් සම්බන්ධ මරණය සම්බන්ධයෙන් සුදත් සමරවීර මහතාගෙන් කළ විමසීමක දී ඔහු මේ බව හෙළි කළේය.

සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පානදුර ප්‍රදේශයේ 27 හැවිරිදි පුද්ගලයෙකු සිකුරාදා (30) පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකරන ලද පීසිආර් පරීක්ෂණ මගින් ඔහුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව, මෙරට සිදුවූ 22 වන කොවිඞ් ආසාදිත මරණය ලෙස එය වාර්තා කරනු ලැබිණි



අදහස් (10)

කෝවිඩ් මරණ වර්ග දෙකක්

Nihal Monday, 02 November 2020 10:53 AM

බලන් ගියාම හැම මරණයක්ම වෙලා තියෙන්නේ වෙන වෙන හේතුන් මත. මී උණ, මීමැස්මොර වැනි හේතුන්. හෙට අනිද්දා වෙනකොට කොවිඩ් මරණ වාර්තා නොවී තියෙයි මෙයාල වර්ග කරන විදියට.

:       0       2

Ramendra Monday, 02 November 2020 11:05 AM

රජයේ තවත් උප්පරවැට්ටියක්.

:       0       2

Buddika Monday, 02 November 2020 11:14 AM

සෞඛ්‍ය බලධාරීන් කියන සමාජය කොහෙද තියෙන්නේ.?

:       0       1

මහසෙන් Monday, 02 November 2020 11:21 AM

පසු ගිය සතියේදී රෝහල් 3ක මරණ 6ක් සිදුවූ. බවත් ඒ පිලිබදව පරික්ශා කර පවසන බවත්. මාද්‍ය වාර්තා කලා. ඒ පිලිබදව කුමක් උනිද? දන්නා අය සිටී ද?

:       0       3

මුණසිංහ Monday, 02 November 2020 01:18 PM

ඒ කියන්නේ සමාජ ව්‍යාප්තිය ඇරඹිලා. සියළු දෙනා ඉතා ප්‍රවේශම් විය යුතුයි.

:       0       3

De Monday, 02 November 2020 01:35 PM

එකක් කොවිඩ් සුවිසයිඩ් .... අනෙක ඔරිජිනල් කොවිඩ්.... මහත්තයෝ දැන් අපිට කෝකද හොද සහ ලාභදායකම දේ..?

:       2       13

Perera Tuesday, 03 November 2020 02:06 AM

ලෝකෙටම පිළිගන්න පුළුවන් වටිනා නිර්ණායකයක්... ලංකාවට මොනතරම් ආඩම්බරයක්ද? මෙතුමා නේද තවම කොරෝනා සමාජගතවීමක් නැහැ කියන්නේ..?

:       0       1

mohomed Tuesday, 03 November 2020 03:21 AM

එකක් මුස්ලිම් මරණ... අනික කොරෝනා මරණ...

:       1       1

ගමරාල Tuesday, 03 November 2020 05:16 AM

ජිවතුන් අතර සිටින මිනිසුන් කොතෙකුත් හිටියත්, මැරුණු මිනිසුන්ට පිසිආර් කරන එකම රට මේකයි...

:       2       4

kamal Tuesday, 03 November 2020 02:56 PM

ඔයාලා කියනවා අපි අහනවා.... අනේ මන්දා..?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 504 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site