IMG-LOGO

කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් බණ්ඩාරගම කර්මාන්ත ශාලාවක් වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක් බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ යෙදෙමින් සිටීමෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලික වසා දමා එහි ආරක්ෂක නිලධාරියා ඇතුළු සේවක සේවිකාවන් 64 දෙනෙකු  ස්වයං නිරෝධනයට ලක් කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යු. මධුෂාන් මහතා පැවසීය.

එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් කීපදෙනෙකු විවිධ රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවට බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා  රත්නවීර මහත්මියට  ලද තොරතුරක් අනුව එම කර්මාන්ත ශාලාවේ සේවය කළ ආසාදිත කාන්තාව ඇතුළු තවත් සේවක සේවිකාවන් තිදෙනෙක් ඉකුත් දෙවෙනිදා පීසීආර් පරීක්ෂණ ට භාජනය කළ බව මධුෂාන් මහතා කීය.

එලෙස පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ එම සේවක සේවිකාවන්ට වෛද්‍ය වාර්තා ලැබෙන තෙක්  ස්වයං  නිරෝධානය යෙදෙන ලෙසත් උපදෙස් ලබා දී එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියට ද ඔවුන්ව සේවය සඳහා නොකැඳවන ලෙස වැඩිදුර උපදෙස්  ලබාදී  තිබූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
 
පීසීආර් පරීක්ෂණයට භාජනය කළ එම තිදෙනාගෙ වෛද්‍ය වාර්තා අද දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලැබී තිබූ අතර ඉන් එක් අයකුට වෛරසය ආසාදිත බවට  තහවුරු වීමෙන් පසුව එම කාන්තාවගේ ජංගම දුරකථන අංකයට සෞඛ්‍ය නිලධාරි කාර්යාලයෙන් ඇමතීමෙන් අනතුරුව ඇය එම අවස්ථාවේ කර්මාන්ත ශාලාව තුළ සේවයේ යෙදෙමින් සිටින බවට හෙළි වී ඇත.
               
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම කර්මාන්ත ශාලාව වෙත ගොස් සෞඛ්‍ය නීතියට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පාලනාධිකාරියට කරුණු වටහා දී එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා ආරක්ෂක නිලධාරියා ඇතුළු සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.  

ආසාදිත සේවිකාව ගාල්ල ආරච්චි කන්ද ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.



අදහස් (0)

කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් බණ්ඩාරගම කර්මාන්ත ශාලාවක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site