IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කූලී වාහන වැඩි මිලට විකිණු හොර දොස්තර අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානවලින් අති සුඛෝපභෝගී වාහන ලබාගෙන ඒවාට  වංචනික ලෙස ව්‍යාජ සහතික සකසා අධික මිල ගණන් වලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හෝමාගම උප ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

එලෙස වංචනික ලෙස ලිපි ලේඛන සකසා කෝටි තුනකට උකස් කර තිබූ  බී එම් ඩබ්ලිව්  සහ කේ එච් ඩී වර්ගයේ වාහන දෙකක්  භාරයට ගත් බව එම ඒකකය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාමංකඩ පදිංචි 33 පුද්ගලයෙකි.

මොහු වෛද්‍යවරයෙකු ලෙස කොට්ටාව වාහන කුලියට දෙන  ආයතනයෙන් කේ එච් ඩී වාහනයක් ලබාගෙන එය මීරිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් කෝටියකට අලෙවි කර තිබියදී සොයාගත් බවත් මුල්ලේරියාව ප්‍රදේශයේ  වාහන කුලියට දෙන  ආයතනයකින් බී එම් ඩබ්ලිව්  වාහනයක් ලබාගෙන එය පිළියන්දල ප්‍රදේශයේ ගණකාධිකාරිවරයෙකුට රුපියල් එක්කෝටි 25 ලක්ෂයකට උකස් කර තිබියදී සොයා ගත් බවත් පැවසේ.



අදහස් (0)

කූලී වාහන වැඩි මිලට විකිණු හොර දොස්තර අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site