IMG-LOGO

කිරැළ ගත්තට වැඩේ කැතයි..

2016-08-28-ent-19ජයග්‍රාහිකාව ප්‍රකාශයට පත්කරද්දී ඒක දරාගන්න බැරැව නිරෑපිකාවක් වේදිකාවෙන් බැහැලා ගිය කසාද බැඳපු රෑප සුන්දරිය තේරීමේ තරගය ගැන දන්නවනේ. ඉතින් කිරැළ දිනාගත්ත රැවැත්තිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. කාලයක් හොඳ රස්සාවක් කරලා පස්සේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපාන්න ක්ෂේත්‍රයට ඇවිත් කිරැළ දිනාගත්ත ඇගේ දක්ෂතාවය හැකියාව ගැන අපටත් තියෙන්නේ සතුටක්. ඒක වෙනම කතාවක්. ඒත් සුබපතන ගමන් මේ ටිකත් කියන්න ඕන.

අපි දන්නවා මේ වගේ තරගයකදී ලස්සන වගේම බුද්ධිමත්භාවය ගැනත් සැලකිලිමත් වෙනවා. ඒත් ඔය දෙකම තිබුණත් වැඩක් නැහැ මිනිස්සු විදිහට අපි ළඟ තියෙන්න ඕන කොලිටි එක, ගුණධර්ම සහ වේලාවට වැඩ කරන පුරැද්ද නැත්නම්. කිරැළු දිනුවම මම දැන් ලොකු චරිතයක්. මම බිසී. මගේ වෙලාව විතරයි වටින්නෙ. මම හින්දා අනිත් අය පැය දෙක තුන රස්තියාදු වුණත් චාටර් වුණත් මට මොකද කියලා හිතනවනම්, අන්න ඒ ලොකුකම හරි කැතයි. දිනාගත්ත දේවල්වල වටිනාකම තියෙන්නේ ගොඩනගාගන්න බාහිර සමාජ ප්‍රතිරෑපය මත කියලත් මේ අයට මතක් කරලා දෙන්න අපට සිද්ධවෙලා.

මේ අයට ජනප්‍රිය වෙන්න විද්‍යුත් මුද්‍රිත මාධ්‍යය දෙකම හුඟක් උදව් කරනවා. එතකොට ඒ අයගෙත් යුතුකමක් තියෙන්න ඕනෑ ඒ මාධ්‍යයට ගරැ කරන්න. වෙලාවක් කිව්වොත් වෙලාවට වැඩ කරන්න. මොකද කාලය කියන එක වටින්නේ වැඩ තියෙන්නේ ඒ අයට විතරක් නෙවෙයි කියන එකත් ඒ අය තේරැම්ගන්න ඕන.

කිරැළ දිනාගත්ත නිළි නංගිගේ ෆොටෝ ගන්න ගිය අපේ මාධ්‍යවේදියාටයි, තවත් සතිඅන්ත පුවත්පතක මාධ්‍යවේදියාටයි එන්න කියපු වෙලාවේ ඉඳන් පැය ‍දෙකකට වැඩි කාලයක් බලන් ඉන්න වුණාලු, මෙයා එනකල්. වෙලාව පහුවෙද්දි පහුවෙද්දි ගන්න කෝල්වලටත් No Answersලු. ඊට පස්සේ වෙන නොම්බරේකින් ගත්තම කතා කළාලු. දැන් make up දාලා එන ගමන් කීවලු. කොතැනද ඉන්නෙ අහද්දි phone එක cut කළාලු. අනිත් අය ගැන හිතුවානම් වේලාවට වැඩේට එන්න පුළුවන්කම තිබුණ වැඩක් මේ. Appointment එක දෙද්දිත් දාහක් කතා. මේක මෙයාගෙ විතරක් නෙවෙයි. අලුත් පරපුරේ හුඟක් නළු නිළියන්ගේ ගායක ගායිකාවන්ගේ ලක්ෂණයක්. අපිත් ආසයි ඉස්සරහට යනවා බලන්න. දිනනවා බලන්න. කොලිටියත් රුකගෙනම ඒ ගමන ගියානම් තමා හොඳ.

 

DESHAYA



අදහස් (0)

කිරැළ ගත්තට වැඩේ කැතයි..

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 520 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 283 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site