IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

අජිත්ලාල් ශාන්තඋදය

කොවිඞ් 19 වයිරසය ආසාදිත යැයි සැකකරන පුද්ගලයින් 508 දෙනෙකු රත්නපුර දිස්ත‍්‍රික්කයේ සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව පසුවන බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

මේ වනවිට දින දාහතරක ස්වයං නිරෝධානයට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 609ක් වන බවත් ඔවුන්ගෙන් රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකළත් ඒ අය  සම්බන්‍ධයෙන් සෞඛ්‍ය අංශ තවදුරටත් උපදෙස් දෙමින් අධීක්‍ෂණ කටයුතු සිදුකරන බවද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යවරයා කීවේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඞ් 19 වයිරසය ආසාදිත බවට අනාවරණය වූ පුදගලයන් තිදෙනෙක් මේ වනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

ඊට අමතරව පැල්මඩුල්ල සහ ගොඩකවෙල ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වයිරසය ආසාදිත දැයි පරීක්‍ෂා කිරිමට රත්නපුර මහ රෝහලේ විශේෂ නිරෝධායන ඒකකයට ඇතුළත් කර ඇත.



අදහස් (2)

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

Gehan nilanga Friday, 27 March 2020 08:23 AM

මොකක්ද මේ නිව්ස් එක. අසධිතයින් යයි සැක කරන අය ගෙදර තියන්නේ නැනේ.

:       0       16

චමින්දSaturday, 28 March 2020 02:28 AM

රෝගියා සිටින නිවෙස්වල වෙනත් අය සිටිනවානේ. රෝගියා නැතත් පවුලේ අය අත්‍යාවශ්‍ය දේ ගැනීමට යනවා නේද? එවිට බෝවෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 5 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 238 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 118 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site