IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න පෞද්ගලික රෝහල් අවසර ඉල්ලයි

(හර්ෂණ තුෂාර සිල්වා)

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන හෝ, සහ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමට කැමැති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමය සඳහන් කරයි.


‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට මට්ටම් තුනක් යටතේ ප්‍රතිකාර කරන අතර එහිදි අදියර පහක් යටතේ රෝගීන් වර්ගීකරණය කර තිබේ.

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන වෙනත් රෝගී තත්ත්ව නොමැති වයස අවුරුදු 18ත් 65ත් අතර රෝගීන් එහි මුල් අදියරට අයත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2020 ජනවාරි 26 වැනිදා දාතම යටතේ නිකුත් කළ චක්‍රලේඛය යාවත්කාලීන කරමින් පෙබරවාරි මස 6 වැනිදා නිකුත් කළ මාර්ගෝපදේශවල ඉහත කී රෝගීන් වර්ගීකරණය දැක්වේ.

‘කොවිඩ්-19’ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි දැයි පෞද්ගලික රෝහල්වලට ඉල්ලීම් ඉදිරිපත් වූ බවත් මේ සම්බන්ධයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමයේ ලේකම් වෛද්‍ය
සුනිල් රත්නප්‍රිය මහතා පැවැසීය.

අතරමැදි එනම් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පෞද්ගලික රෝහල්වල වෙනම අංශයක් ස්ථාපිත කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ බව ද හෙතෙම තවදුරටත් කීය.



අදහස් (1)

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න පෞද්ගලික රෝහල් අවසර ඉල්ලයි

chandima Wednesday, 16 December 2020 02:48 PM

ප්‍රතිකාර කියන්නේ? ඉඟුරු කොත්තමල්ලිද? දන්න තරමින් නම් ප්‍රතිකාරයක් තවම හොයාගෙන නැහැ. ඇඳක් දීලා ගාණක් කඩාගන්නද යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site