(සුමතිපාල දීයගහගේ )
හබරාදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කෙරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරිම සදහා රුපියල් ලක්ෂ 35 ක මුදලක් යොදා ගැනීමට විශේෂ සභා රැස්වීමකදී සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය හිමිවූ බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා පැවසීය.
එම මුදල්වලින් රුපියල් ලක්ෂ විසි පහක් වැය කර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් පන් දහසකට වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් බැගින් ලබා දෙන බවදවිදානගමගේ මහතා කීය.
ග්‍රාම නිලධාරින්ගේ නිර්දේශ මත මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනු ඇත.
මීට අමතරව ප්‍රදේශයේ බස් නැවතුම්පොලවල් සහ වෙනත් ඉපොදු ස්ථාන විෂබීජහරණය කිරීම අත් සේදිමේ දියර ලබාදීම ඇතුලු විෂබීජහරණය කිරිමේ කටයුතු සදහා ඉතිරි රුපියල් ලක්ෂ දහය වැය කරන බවද විදානගමගේ මහතා වැඩි දුරටත්
පැවසිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා මඬින්න හබරාදූව ප්‍රා.සභාවෙන් ලක්ෂ 35ක්