(ජේ.කේ.එල් චාමින්ද)
කොරෝනා වසංගතය මැඬලිම සදහා දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49 සඳහා රුපියල් මිලියන 55ක මුදලක් ලබාදිමට පියවරගෙන ඇති බැව් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ නියෝගය පරිදි මෙම මුදල් ලබාදිමට පියවරගෙන ඇති බව පවසන දකුණු පළාත් පළාන කොමසාරිස්වරයා එක් පළාත් පාලන ආයතනයක් සදහා රුපියල් දශලක්ෂයක මුදලක් ලබාදිමට පියවරගෙන ඇති බවද පවසයි.
සියලුම පලාත් පාලන ආයතන මේ අවස්ථාවේදීත් කසල රැගෙනයාම, ආදාහනාගාර සේවා, ගලි රථ සේවා හා ගිනි නිවීම් සේවා ආදී අත්‍යාවශ්‍ය සේවා සියල්ල නොපිරිහෙලා පවත්වාගෙන යන බවද පළාත් පාළන කොමසාරිස්වරයා සදහන් කරයි.
පලාත් පාලන ආයතන මේ සියලු සහන සේවා සිදු කරකරන්නේ සභාවේ අරමුදල් භාවිත කරමින් බව පවසන දකුණු පළාත් පළාන කොමසාරිස්වරයා මහා නගර සභා ඇතුළු සියලුම පලාත් පාලන ආයතනවලට ලැබිය යුතු වරිපනම් ඇතුළු සියලු ආදායම් මාර්ග මේ වනවිට මුලුමනින්ම අහිමිවී ඇති බවද පවසයි.
එම තත්ත්වය තුල ඇතැම් ප්‍රාදේශිය සභා දෛනික කටයුතු සිදු කරනු ලබන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මාධ්‍යයේ බව පවසන දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා මෙම තත්වය අවබෝධ කරගත් ආණ්ඩුකාරවරයා මෙම මුදල ලබාදිමට පියවරගත් බවද පවසයි..
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා මඬින්න දකුණේ පළාත් පාලන ආයතන සඳහා මිලියන 55ක්