IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කොරෝනාවෙන් ඉතාලියේ වෛද්‍යවරු 100 ක් මරුට

කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියේ මියගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇත.
 
‘කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ඉතාලිය තුළ ව්‍යාප්ත වීම ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි මාසයේදීය. එතැන් පටන් ගෙවී ගිය කාලයේදී කොරෝනා වසංගතය හේතුවෙන් වෛද්‍යවරුන් 100 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි එරට වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (9) නිවේදනය කළේය.
 
‘‘කොවිඩ්-19 හේතුවෙන් මියගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 100ක්. අවාසනාවකට මේ අවස්ථාව වෙද්දි එය 101ක් වෙන්නත් පුළුවන්’’ යැයි ඉතාලි වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය. කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ වෛද්‍යවරුන් 94 දෙනකු මියගොස් ඇතැයි එරට වෛද්‍යවරුන්ගේ සංගමය ඉකුත් (7) ප්‍රකාශ කළේය. ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් දින තුනක් ඇතුළත මියගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 6කි.
 
‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් හෙදියන් 26 දෙනකු මියගොස් ඇතැයි ද ඉතාලියේ හෙද සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. එමෙන්ම හෙදියන් 6,549 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද එම සම්මේලනය සඳහන් කළේය. සඳුඳා (6) වනවිට ඉතාලියේ ‘සුවසේවා’ සේවකයන් 12,681 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද ඉතාලියේ සෞඛ්‍ය ආයතනය සඳහන් කළේය.

මුඛ ආවරණ, අත්වැසුම්, පෞද්ගලික ආරක්ෂණ උපකරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල යනාදී වෛද්‍ය සැපයුම්වල හිඟය වෛද්‍යවරුන්ට, හෙදියන්ට, සෞඛ්‍ය වෘත්තිකයන්ට, රෝහල් කාර්යමණ්ඩලවල වයිරසය ආසාදනය වීමට ප්‍රධාන හේතුව යැයි ද සෞඛ්‍ය බලධාරීහු කීහ.
 
අල්ජසීරා ඇසුරිනි
055



අදහස් (0)

කොරෝනාවෙන් ඉතාලියේ වෛද්‍යවරු 100 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site