‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජයග‍්‍රාහකයා තෝරා ගැනෙන අවසන් වටයේ අවසන් තරගය අද (08) ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.50 ට ආරම්භ වීමට නියමිතය. තරග තුනකින් සමන්විත අවසන් වටයේ පැවැති තරග දෙකෙන් දෙරටම තරගය බැගින් ජය ලබමින් 1-1 ක් ලෙස සම තත්ත්වයේ සිටියි. අද තරගයෙන් ජය ලබන කණ්ඩායමට 2-1 ක් ලෙස ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ. දෙවැනි අවසන් තරගයේදී ශතකයක් රැුස්කළ ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් යළිත් පස්පිඬු පෙරළිමේ ආබාධයට ලක්වීම නිසා අද තරගයට සහභාගි නොවන බව වාර්තා වේ. එය අද තරගයේදී ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් ඇති කරන බව ක‍්‍රිකට් විචාරකයන්ගේ අදහසයි. ඒ වෙනුවට ෂේන් වොට්සන් අද තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවන අතර ක්ලාක්ගේ ස්ථානයට ප‍්‍රවේගකාරි පිතිකරුවකු වන පීටර් ෆොරෙස්ට් ක‍්‍රීඩා කිරීමට නියමිතය. ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට සුවය ලබා සිටින බවත් අද තරගයේදී මැතිව්ස් ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ. මැතිව්ස් කණ්ඩායමට පැමිණිය හොත් දෙවැනි තරගයට සහභාගි වූ චාමර කපුගෙදරයට ස්ථානය අහිමිවේ. ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසා තිබුණේ මැතිව්ස් සම්පූර්ණ සුවය ලබා ඇත්නම් පමණක් අද තරගයට සහභාගි වන බවත් ඔහු අද පෙරවරුවේදී ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්‍ෂණයකට පෙනී සිටීමට සූදානමින් සිටින බවත්ය. ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග දෙවැනි අවසන් තරගයේ පන්දු යැවීමෙන් පසුව ඉකිළියේ ආබාධයකට ලක්ව ඇති බවත් එය බරපතළ තත්ත්වයක නොවන බවත් වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව මෙම තරගාවලියේ (වී. බී. කුසලාන) අවසන් වටයට 2006 වසරේ ද සුදුසුකම් ලබා තෙවැනි තරගයෙන් ජය ලැබූ ඕස්ටේ‍්‍රලියාව 2-1 ක් ලෙස තරගාවලිය ජය ලැබීය. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ්, ලසිත් මාලිංග, ධම්මික ප‍්‍රසාද්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, චානක වෙළගෙදර, චාමර කපුගෙදර ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතය: ෂේන් වොට්සන් (නායක), ඬේවිඞ් වෝනර්, ඩෙනිල් ක‍්‍රිස්ටියන්, සේවියර් ඩොහටි, පීටස් ෆොරෙස්ට්, බෙන් හිල්ෆිනස්, ජෝන් හෝලන්ඞ්, මයික් හසී, ඬේවිඞ් හසී, බ්‍රෙට් ලී, ක්ලින් මැකේ, මිචෙල් මාෂ්, රයන් හැරිස්, මැතිව් වේඞ්, ජේම්ස් පෙටින්සන්.
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන ශ්‍රී ලංකාවට ද? ඕස්ටේ‍්‍රලියාවට ද?