IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘කම්කරුවන්ට වාසි නීති කප්පාදු කරන්න හදනවා‘

ආර්ථිකය ලිහිල් කිරීමේ ක්‍රියාවලියේ අංගයක් ලෙස කම්කරු නීති ප්‍රතිසංස්කරණය කරන්නට වැඩපිළිවෙළක් දියත් වී තිබෙන බවත් එලෙස කම්කරු නීති වෙනස් කිරීමේ අරමුණ දැනට කම්කරුවන්ට වාසිදායක ලෙස තිබෙන නීති කප්පාදු කිරීම බවත් ලංකා වෙළෙඳ කාර්මික පොදු සේවක සංගමයේ මහලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා අද (27) පැවැසීය. 

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුලෙන් එලියට ද? කබලෙන් ළිපට ද? යන සම්මන්ත්‍රණය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා    මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ අද (27) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු එලෙස කීවේය.

අද කම්කරුවන්ට ආර්ථිකය ගැන අවධානය  යොමු කිරීමට වෙලාවක් නැතැයි ද, ඔවුනට වැටුප හා නිවාඩු ගැන පමණක් අවධානය යොමු කරන්නට සිදු ව ඇතැයි ද ඔහු එහිදි පෙන්වා දුන්නේය.

එම නිසා කම්කරු ජනතාවට බලපාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාව ආදී ආර්ථික කරුණු ගැන වෘත්තීය සමිති ව්‍යාපාරයවල අවධානය යොමු වීම අඩු වී ඇති බව කී ජයකොඩි මහතා ආණ්ඩුව එදා කම්කරුවන් දිනාගත් කම්කරු අයිතීන් පවා කප්පාදු කරමින් සිටින බව ද පෙන්වා දුන්නේය. 

ආර්ථික විශ්ලේෂක අහිලන් කදිරගාමර්, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සන්ධානයේ කැඳවුම්කරු අමාලි වෙලගෙදර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ චින්තක රාජපක්ෂ හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සන්ධානයේ කැඳවුම්කරු සාමාජික රමිඳු පෙරේරා යන අය සහභාගී වූහ.

DSC_3569



අදහස් (0)

‘කම්කරුවන්ට වාසි නීති කප්පාදු කරන්න හදනවා‘

රංග Wednesday, 27 July 2016 08:14 PM

මහත්තයෝ, ආර්ථිකය දියුණු කරන්න සහ එහි ප්‍රතිඵල කම්කරුවන්ට යන ප්‍රතිපත්තියක් හදන්න කතා කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 216 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 407 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site