IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කැප්පෙටිපොළලා- දොන් ජුවන් ධර්මපාලලා එකතු වෙලා

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවට එරෙහිව තැන තැන සුන්බුන් කොටස් එකතු වෙමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්මහ විරු සමරුව අමතමින් අද පැවසීය.

දොන් ජුවන් ධර්මපාලලා සහ කැප්පෙටිපොළලා එකට එකතු වී සිටින බවද ජනාධිපතිවරයා කීය.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් සහ සාමාජිකයන් විසින් මල් කළඹ තබා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු විරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීම සහ විරු පිළිරුව අසල පහන් දල්වා ආචාර පැවැත්වීමද මෙහිදී සිදුු කෙරිණි.

විරුවන් වෙනුවෙන් විමුක්ති ගී ගායනයක්ද පැවැත්විණි.

"පාදම දිරපු රටක් අප ශක්තිමත් අත්තිවාරමක් මත යළි ගොඩ නඟා තිබෙනවා.අප ආයෝජකයන්ට කර්මාන්තකරුවන්ට ඒ පාදමේ ආයෝජනය කරන ලෙස ආරාධනා කරනවා.

ඒ වගේම දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් යැයි කියා ගත් අය එකට එකතු වී සිටිනවා.මේ දේශපාලන විපර්යාසය මොකක්ද? මේ සහවාසයට හේතුව කුමක්ද? මොවුන් එකට හොරකමේ ගිය අය. එකට අපරාධ කරපු අය. ජනතා උවමනා සහ ආණ්ඩුවේ උවමනා සමපාත වූ ආණ්ඩුවක් දැන් හැදිලා තියෙනවා.දැන් බේදකින් තොරව දොන් ජුවන්ලගේ වගේම කැප්පෙටිපොළලාගේ උදවිය හිරේ ඉන්නවා.භේදයකින් තොරව හැම නඩුවකදීම ඔක්කොටම එක වගේ ලෙඩ හැදෙනවා.

ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න සඳහා ඔවුන් එකතු වෙලා තියෙනවා. මේවා ජනතාවගේ ප්‍රශ්න නොවේ යැයි ජනාධිපතිවරයා පැවසීය.

(සුමුදු හේවාපතිරණ)

 

 



අදහස් (9)

කැප්පෙටිපොළලා- දොන් ජුවන් ධර්මපාලලා එකතු වෙලා

Asela Thursday, 13 November 2025 08:52 PM

ඒ කාලේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයක් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමඟ සටන් කළ ත්‍රස්තවාදියෙකු සැමරීම. ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රාජ්‍ය නායකයා එම ත්‍රස්තවාදීන්ටම උපහාර දැක්වීම කණගාටුදායක නමුත් පිළිකුල් සහගතයි. ප්‍රභාකරන්ට , ජවිපෙට අවශ්‍ය වූයේ තුවක්කුවලින් රජය පෙරළා දැමීමටයි. ජවිපෙ සහ එල්ටීටීඊය විසින් මරා දැමූ අයගේ වින්දිතයින් ගැන කිසිවෙකු කතා නොකරයි.

:       0       0

Indika Thursday, 13 November 2025 10:45 PM

ලන්කාවේ ඇති බොහෝමයක් ගැටළු ඇතිකරන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදීන් ප්‍රභාකරන් හා සමාන දායකත්වයක් විජේවීර ඇතුළු මිනීමරු ජේවීපීය මූලික වුණා..

:       0       0

NoV21 Joke Thursday, 13 November 2025 11:10 PM

අය්යෝ නාමල්, මම නම් ගඟේ පනිනවා, වතුර බීලා මැරෙනවා. භාණ්ඩාගාරේ උතුරන කොට ,දුකත් හිතෙනවා.

:       0       0

නජිත් Friday, 14 November 2025 08:04 AM

හරි හරි මිනීමරුවෝ සමරලා ඔයා රඟන්නේ නැතුව පළාත් සභා ඡන්දය තියන්නකෝ ඉක්මණට. තමන්ගේ තත්ත්වය එතකොට තේරෙයි...

:       1       1

Sumith Friday, 14 November 2025 08:20 AM

කොහොම හරි බේගලයක් ඔතාගෙන ඇවිත් ඇදබානවා. බුදු අම්මෝ මෙහෙමත්...

:       1       2

ගුණරත්න Friday, 14 November 2025 10:53 AM

කැප්පෙටිපොළ කියන්නේ පීඩක රජෙක් නිසා පවුල් පිටින් ඝාතනයට ලක්වුණු මනුස්සයෙක්, පීඩක රජා පන්නන්න ඉංග්‍රීසින් එක්ක හවුල් වුණත් ඉංග්‍රීසින් පන්නන්න කැරළි ගැසුවා. කැප්පෙටිපොළ ද්‍රෝහියෙක් වෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩුවට මිසක් මේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයන්ට නොවෙයි. දොන් ජුවන් ධර්මපාල කියන්නෙත් වින්දිතයෙක්, ඔහුගේ සීයා වන බුවනෙකබාහු කියන මෝඩ රජා නිසා යටත් විජිතවාදීන් යටතේ ඔවුන් ඇසුරේ හැදුනු කුමාරයෙක්. ආණ්ඩුවේ අය හිතා ඉන්නේ අප ඉතිහාසය දන්නේ නැහැ කියාද? ආණ්ඩුව අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ඉතිහාසය ඉවත් කරන උත්සාහයෙන් පෙනෙනවා... ඔවුන්ට අවශ්‍යත් තමන්ට අවශ්‍ය පරිදි ඉතිහාසය විකෘති කරන්න කියලා අපට තේරෙනවා.

:       2       5

Milan Friday, 14 November 2025 12:14 PM

පිස්සු තදවෙලා...

:       2       5

Gamini Friday, 14 November 2025 03:56 PM

ඇයි ඔයාට පාන්ද?

:       1       0

rathna Friday, 14 November 2025 06:04 PM

මම නම් ඉගෙන ගෙන තියෙන්නේ කැප්පෙටිපොළ කියන්නේ 1818 නිදහස් සටන මෙහෙයවූ ජාතික වීරයා ලෙසට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site