(ෂේන් සෙනෙවිරත්න)
වසරකට දෙවරක් පමණක් රැස්වන කන්න මාස් කන්න රැස්වීමට වගකිවයුතු රජයේ නිලධාරීන් සහභාගී නොවීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ දැඩි අප්‍රසාදය එල්ල කළේය.
එළඹෙන මාස් කන්නයේ වගා සැලසුමට අනුව ජලය මුදා හැරෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජල කළමනාකරණ කමිටු රැස්වීම ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයාගෙන් එසේ රාජ්‍ය නිලධාරීන්ට දැඩි දෝෂ දර්ශනයක් එල්ල විය .
මෙම රැස්වීම සඳහා සහභාගි විය යුතු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් හා දිසාපතිවරුන් ඇතුළු වගකිවයුතු නිලධාරීන් නොමැතිව සාකච්ඡා කරන තීරණ ක්‍රියාත්මක කිරීම ගැටලුවක් බව ද එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය .
සාමූහික වගකීම කැබිනට් මණ්ඩලයට පමණක් සීමා නොවන බවත් එය රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමස්ත පද්ධතිය තුළම තිබිය යුතු බවද එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය .
හම්බන්තොට, අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර, නුවරඑළිය, වව්නියාව ඇතුළු සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයන් මෙම රැස්වීමට සහභාගී වී සිටියහ .
හදිසි රාජකාරි අවශ්‍යතාවක් හේතුවෙන් මෙම රැස්වීමට තමන්ට සහභාගිවීමට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබූ අතර ගොවීන්ගේ ගැටලු පැන නගින අවස්ථාවලදී කෘෂිකර්ම අමාත්‍යවරයා දුරකථනය මගින් සම්බන්ධ වෙමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කළේය .
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කන්න රැස්වීමට නිලධාරීන් නෑ:ඇමති රොෂාන්ගෙන් දොස්
Nimal Friday, 29 September 2023 05:15 PM
කෘෂිකර්ම ඇමැතිට එන්න බැරි නම්, ඇයි අනික් අය එන්නේ?
සොරිසේන Friday, 29 September 2023 05:48 PM
ක්‍රීඩා හා වාරිමාර්ග... සුපිරි විද්‍යාත්මක ඇමැති පත්වීමක්..!
සල්ලි Saturday, 30 September 2023 09:16 AM
කෘෂිකර්ම ඇමැතිට කන්න රැස්වීමට වඩා වැදගත් රාජකාරිය කුමක්ද?
Sunil Saturday, 30 September 2023 01:33 PM
බොන්න රැස්වීම කියලා ලියුම ගැහුවා නම් වෙලාවටත් කලින් ඉවර කරන්න තිබුණා..