IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාන්තාවන්ට ස්වාධීන පාසල්තුළදී ශාරීරික ව්‍යායාම කිරීමේ හැකියාව

ස්වාධීන පාසල්වල ක්‍රීඩා මධ්‍යස්ථාන පාසල් වේලාවෙන් පසුව එම පාසල් අසල පදිංචි කාන්තාවන්ට විවෘත කිරීමේ ගිවිසුමකට පසුගියදා සංස්කෘතික සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අස්සන් තැබීය.


මෙම ගිවිසුමේ අරමුණ වන්නේ කාන්තාවන් අතර ක්‍රීඩා ක්‍රියාකාරකම් වර්ධනය කොට ඒ හරහා විශේෂයෙන්ම ස්ථුලතාවය වැනි රටපුරා බහුලව දකින්නට ලැබෙන ජීවන ක්‍රමයේ ලෙඩ රෝගවලට එරෙහිව සටන් කිරීමේ ජාතික ව්‍යායාමයට සහාය දැක්වීමයි.


එසේම ශාරීරික ව්‍යායාම ලබාගැනීම සමාජයේ සියලු දෙනාගේම අයිතිවාසිකමක් යන සිද්ධාන්තය ක්‍රියාවට නැංවීමද ඉහත ගිවිසුමේ තවත් අරමුණකි. ඒ අනුව එළැඹෙන ගිම්හානයේදී අඩුම තරමින් ස්වාධීන පාසල් කිහිපයක හෝ ක්‍රීඩා මධ්‍යස්ථාන සියලුම වයස් කාණ්ඩවල කාන්තාවන් සඳහා විවෘත වනු ඇත.
ඕමාර් බින් කටාබ් ද්විතියික ස්වාධීන පාසලේදී පැවැති මාධ්‍ය හමුවකදී ඉහත ගිවිසුමට අස්සන් තැබුණු අතර සංස්කෘතික සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අබ්දුල් රහ්මනා අල් දොසාරි සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා ප්‍රධානී ඕමාර් අල් සාහ්වානි යන මහත්වරුන්ද එම අවස්ථාවට සහභාගි විය. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අල් දොසාරි, අමාත්‍යාංශ දෙකේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙසින් අස්සන් තැබූ මෙම ගිවිසුමේ ප්‍රධානම අරමුණ වන්නේ ප්‍රජා ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන්ට ශාරීරික ව්‍යායාම ලබාගැනීම සඳහා ගැළපෙන පරිසරයක් ලබාදීම සඳහා ස්වාධීන පාසල්වල ක්‍රීඩා පහසුකම් විවෘත කිරීම බව පැවැසුවේය.


එසේම කාන්තාවන්ට ව්‍යායාම කිරීමට සහාය ලබාදීම මෙන්ම ඒ සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇති දැනුම්වත් භාවය ඉහළ දැමීම සඳහාද පාසල්වල ක්‍රීඩා ගුරුවරියන් යොදා ගැනීමේ සැළැස්මක්ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඔහු අනාවරණය කළේය. කාන්තාවන් සඳහා ක්‍රීඩා පහසුකම් සපයා දීම අමාත්‍යාංශය මුහුණ දුන් විශාලම අභියෝගයක් වූ බවද ඔහු වැඩිදුරටත් පැවැසීය. කාන්තාවන් අතර ශාරීරික ව්‍යායාම ප්‍රවර්ධනය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් කටාර් විශ්වවිද්‍යාලය සමග එක්ව අමාත්‍යාංශය විසින් අධ්‍යයන කිහිපයක්ම සිදුකර ඇත. 


“ස්වාධීන පාසල්වල ක්‍රීඩා මධ්‍යස්ථාන කාන්තාවන්ට සහ පවුල්වලට ව්‍යායාම කරන්න පුළුවන් සුදුසුම තැනක් ලෙසින් හඳුන්වා දෙන්න පුළුවන්. මොකද ඒවා තියෙන්නේ ඔවුන්ගේ නිවෙස් ආසන්නයේමයි” යැයි අල් දොසාරි පවසයි.



අදහස් (0)

කාන්තාවන්ට ස්වාධීන පාසල්තුළදී ශාරීරික ව්‍යායාම කිරීමේ හැකියාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 89 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site