(ඩී. ඥාණසිරි හෙට්ටිආරච්චිගේ)
උතුරු නැගෙනහිර යුද සමයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සිවිල් ජනතාව සමූල ඝාතනය කරමින් මානව හිමිකම් කඩකර ඇති බවට කැනේඩියානු පාර්ලිමේන්තුවට එරට අගමැති ජස්ටින් ටෘඩෝ මහතා යොමු කළ යෝජනාවට විරෝධය පලකරමින් අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචි සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එක්ව පිහිටුවාගත් අම්පාර දිස්ත්‍රික් සියළු ජාතීන්ගේ එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අම්පාර නගරයේ දී පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින සියළුම ජාතීන්ට අයත් පිරිස් ඉතා සාමකාමීව සහ සහජීවනයෙන් කටයුතු කරන වකවානුවක, අනවශ්‍ය ගැටළු මතුකරමින් ජනතාව අතර බේද බින්න ඇතිකිරීමට කැනේඩියානු රජය ගන්නා උත්සාහය හෙලාදකින බව ඔව්හු ප්‍රකාශ කලහ.
කැනඩා රජයේ අතපෙවීම් හෙලාදකිමින් භාෂා තුනෙන්ම සටන් පාඨ සදහන් පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් ඔව්හු විරෝධතාවයේ යෙදුනහ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව අතින් කිසිදු අවස්ථාවක ජන සංහාරයක් සිදුවී නොමැති බව පවසන විරෝධතාකරුවෝ, සුළු පිරිසකගේ අවශ්‍යතාවන් ඉටුකිරීම සදහා ශ්‍රි ලංකාවේ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සිදුකරන අතපෙවීම් නවතා දමන ලෙස කැනඩා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කැනඩා අගමැතිට අම්පාරෙත් විරෝධය