(යොහාන් භාසුර)
කැනඩාවේ පාර්ලිමේන්තුව යෝජනා කර සම්මත කළ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය වන මැයි 18 වැනිදා වෙනුවෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නිකුත් කළ නිවේදනයට විරුද්ධව ‘ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව උදෙසා වූ ව්‍යාපාරය’ ශ්‍රී ලංකා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (23) විරෝධතාවයක් පැවැත්වීය.
එහිදී විරෝධතාකරුවන් පැවසුවේ මැයි 18 යනු දෙමළ ජන සංහාරයක් සිදු කළ දිනයක් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා පැවසූ බවත් වසර 14 කට පෙර දෙමළ ජනයා දහස් ගණනකට දිවිඅහිමි වූ බවත්ය.
කැනඩා අග්‍රාමාත්‍යවරයා මුල්ලිවයික්කාල් ඝාතන එයට නිදසුන් බව පෙන්වා දෙමින් සාවද්‍ය, අසත්‍ය, අන්තවාදී, අයුක්තිසහගත මෙන්ම අභූත චෝදනාවක් එල්ල කළ බව කී විරෝධතාකරුවෝ එය සංවිධානයක් වශයෙන් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයින් වශයෙන් දැඩි පිළිකුළෙන් හෙළා දකින බව ද සඳහන් කළහ.
එහිදී ‘ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව උදෙසා වූ ව්‍යාපාරය’ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝගේ යෝජනාවට විරුද්ධව කැනඩා මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්නේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කැනඩා අගමැතිගේ තීරණයට විරෝධය