IMG-LOGO

කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් 10 ක් මරුට

කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි.

ජේම්ස් ස්මිත් ක්‍රී සහ වෙල්ඩන් යන පළාත් ද ඇතුළු එකිනෙකට වෙනස් ස්ථාන 13 කින් පිහි ප්‍රහාර වාර්තා වෙයි. තුවාල ලැබූවන් විවිධ රෝහල්වලට ඇතුළත් කර තිබේ.

එය උමතුවෙන් කළ පිහි ප්‍රහාර මාලාවක් යැයි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස්පතිනී රොන්ඩා බ්ලැක්මෝර් පැවැසුවාය. ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොහොයුරන් දෙදෙනකු යැයි ද එම මාධ්‍ය හමුවේදී පොලිස්පතිනිය වැඩි දුරටත් පැහැදිලි කළාය.

සැකකරුවන් දෙදෙනා 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් බවත් ඔවුන් මේ වනවිට පොලිසියෙන් බේරී පලා යමින් සිටින බව ද වාර්තා වේ. සැකකරුවන් දෙදෙනා සොයා ප්‍රාන්ත මටට්මින් දැවැන්ත සෝදිසි කිරීම් ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

සැකකරුවන් දෙදෙනා අතිශය බිහිසුණු අපරාධකරුවන් දෙදෙනකු බවත්, ජනතාව ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවිය යුතු බවත් පොලිසිය පවසා අනතුරු ඇඟවීම් කර තිබේ. සිස්කැචුවින් ප්‍රාන්ත වැසියන්ට නිවෙස් තුළ රැදී සිටින්නැයි ද පොලිසිය උපදෙස් දී ඇත.

ඩේමියන් සහ මයිල්ස් සැන්ඩර්සන් සොහොයුරන් මෙම අපරාධය කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී නොමැති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (4)

කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් 10 ක් මරුට

මැක්ස් Monday, 05 September 2022 08:57 AM

අප රටේ බොහෝ මධ්‍යම පාන්තිකයින්ගේ පරමාදර්ශී රටක් නේද මේ?

:       14       4

ජගත් ලියනගේ Monday, 05 September 2022 09:19 AM

කැනඩාව ඉතාමත්ම දියුණු රටක්. ඒ වුණාට සමහර මිනිස්සුන්ගේ අදහස් ම්ලේච්ඡයි. ලංකාවේ සමහර මිනිස්සුත් එහෙම තමයි.

:       5       9

Real Monday, 05 September 2022 09:19 AM

ඕක ලංකාවේ වුණානම් මෙහෙ ඉන්නේ ගෝත්‍රිකයින් කියලා කී දෙනෙක් කියයිද?

:       19       9

podimalli Monday, 05 September 2022 03:25 PM

යුද්දෙ කාලේ කැනඩාවේ දෙමළ අය LTTE එකට අඩුකළා. LTTE කියන්නේ මිනීමරු සංවිධානයක්... ඔවුන්ගේ හෙවනැලි තවම ඇති...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site