කතරගම තම්මැන්නාවේ මැණික් ඉඩම් ආසන්නයේ ගලපිටගල අසපුවට යෑමට බදාදා (7) සවස ත්‍රිරෝද රථයකින් ගිය ලංකාදීප මාධ්‍යවේදී කේ.ඩී. දේවප්‍රියට යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු වෙඩි තබා මරණ බවට තර්ජනය කැර පහරදීමට හා දුරකථනය පැහැර ගැනීමට තැත් කළැයි කතරගම පොලිසියට ද පැමිණිල්ලක් කරමින් ජනාධිපතිවරයාට ද ලිපියකින් දන්වා ඇත. කාවන්තිස්ස යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.බී.සී.යූ.කේ. රත්නමලල මහතා තමනට තර්ජනය කළ බව ද ලිපියේ සඳහන් වේ. ‘‘ තෝ දැනගනින් අපි ආමි. අපිට ඕනෑ දෙයක් කළ හැකියි. මේ පළාතේ වීඩියෝ කරන්න, පොටෝ ගන්න පත්තර වාර්තාකාරයන්ට එන්න ඉඩ දෙන්නේ නෑ. මැරුම් නොකා පලයන්‘‘ යැයි තර්ජනය කළ බවත් ‘‘ ආයෙත් මේ පළාතට වාර්තාකාරයන් ආවොත් වෙඩි තියනවා. ඒක මතක තියාගනින්‘‘යැයි කර්නල් තර්ජනය කළ බවත් ඔහු පොලිසියට කියා ඇත. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි පැවැසුයේ මේ ගැන සොයා බලන බවයි.
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කතරගම වාර්තාකරුට මරණ තර්ජන