IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


කතරගම බැතිමතුන්ට පීඩා කළ බව කියන 22ක් අත්අඩංගුවට

(එම්.කේ.නන්දසේන) 

කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය කියයි.

මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බව කියයි. 

නගරයේ බීමත්ව අසභ්‍ය වචන කියමින් වන්දනා බැතිමතුන්ට හිරිහැර වන අයුරින් ගැවසිම, වන්දනා බැතිමතුන්ට අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරීම, පූජාවට්ටි බලහත්කාරයෙන් විකිණීම, පූජා වට්ටි නොගන්නේ නම් බැතිමතුන්ගේ වාහන නතර කිරීමට ඉඩ නොදීම, මාර්ගය මැදට පැන රථ වාහන බලහත්කාරයෙන් නතර කොට පූජාවට්ටි ගැනීමට බලකිරීම, ගංජා සුරුට්ටු සන්තකයේ තබාගෙන සිටීම  ඇතුළු චෝදනා මෙම පිරිසට ගොනුකර තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බව පොලීසිය කියයි.

 



අදහස් (6)

කතරගම බැතිමතුන්ට පීඩා කළ බව කියන 22ක් අත්අඩංගුවට

බුද්දික Friday, 27 December 2024 03:52 PM

ඉතාමත් හොඳ දෙයක්... කතරගම මිනිස්සු ජීවත්වෙන්නේ බැතිමතුන් කතරගමට එන නිසා. එහේ මිනිස්සුන්ගේ සම්පූර්ණ ජීවිකාව පවතින්නේ බැතිමතුන් නිසා... ඒත් ලංකාවේ සූරාකෑම වැඩිම නගරය කතරගම. කන්න කඩේකට ගියොත් වතුර දෙන්නේ නෑ සල්ලී දීලා ගන්න ඕනෑ. සියලුම අතින් ගසා කනවා. පැලට් පලතුරු කඩ අපිරිසුදු පලතුරු වට්ටි විකුණන්න ගිනි ගානට... ඒ කඩ ඉස්සරහින් යද්දි බලපෑම්, බලහත්කාරකම් කෙලවරක් නෑ. වාහන පාක් ත්‍රී වීල් ඒ වගේමයි. බස් නැවතුම්පලේ වැසිකිළි අපායක්. ඒකටත් රු.50ක් ගන්නවා. කිරිවෙහෙර ළඟ මල් කඩකාරයෝ මල පෙරේත හැත්තක්... නෙලුම් මල් 4ක්, හඳුන්කූරු පෙට්ටියක් දීලා රු.600ක් ගත්තා. හඳුන්කූරු පෙට්ටියේ කූරු 8ක් තිබ්බේ. ඒක මිල මකලා ඉතුරු හඳුන්කූරු හොරෙන් අරගෙන. මේවා බලන්න කිරිවෙහෙර පන්සලට, බස්නායක නිලමෙට බැරි ඇයි?

:       0       72

Lalla Saturday, 28 December 2024 10:10 AM

ආගමික භක්තිය අලෙවියට තැබූ වෙළඳ භාණ්ඩයක් විතරයි කියලා තේරෙනවා නේද? ගමේ පන්සලේ තත්ත්වය මීට දෙවැනිද? ඔය කට්ටිය එකතු වෙලා අහවල් දේ කරලා දෙන්න කියලා ඔලුව අතගාලා ටොක්ක දෙන නායක තැන... සැමදා නොනවතින ඉදිකිරීම්....

:       1       7

Kumara Friday, 27 December 2024 05:45 PM

කතරගම විතරක් නෙමෙයි. රටේ හැම ප්‍රධාන නගරයකම වගේ තත්වය ඔය වගේ. අදාල ආයතන වලින් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ...!

:       0       30

ජයනාත් Friday, 27 December 2024 05:56 PM

ඉතාමත්ම හොඳ වැඩක්. පූජා වට්ටි කියලා තනිකරම ගසාකනවා. 1000ක පූජා වට්ටියක 200ක ඒවා නැහැ. හරිම කරදරකාරී පිරිසක්...

:       0       34

Upasaka Friday, 27 December 2024 06:59 PM

ඔය අනවශ්‍ය දේවල් කරන්න ගියාමනේ ඔහොම කරදර වෙන්නේ ඔය බැතිමතුන් චුට්ටක් ඉවසාගෙන මේක හිතාබලන්නකෝ... ඇත්තටම කතරගම දෙවිඳුන්ට පළතුරු වට්ටි මොකටද? උන්වහන්සේ ඒවා වළඳන්නේ නැහැනේ එ නිසා කැමැතිනම් බැතිමතුන් තම තමන් අදහන ආගම දහම හරියාකාරව අදහාගෙන සමාජයට අනර්ථකාරී නොවී පිංදහම් කර මෛත්‍රී භාවනාව කර කතරගම දෙවියන්ට පිං අනුමෝදන් කරන්න. එවිට බැතිමතුන්ගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටුවේවි සිත් නරක්වෙන්නේත් නැහැ. නිරෝගී සුවයත් ලැබේවි... තෙරුවන් සරණයි..!

:       2       43

Bunny PreenaSaturday, 28 December 2024 09:35 AM

උපාසක, ඔබ කියන දෙය සියයට සීයක් හරි. නමුත් අන්ධ භක්තියෙන් පිරුණු මෝඩයින්ට මේවා තේරෙන්නේ නැහැ.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 127 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 983 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


නාරාහේන්පිට මෝටර් ට්‍රැෆික් දින දෙකක් වහයි
2025 මැයි මස 04 141 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත


මැකෝගෙන් අවවාදයක්
2025 මැයි මස 04 235 0

පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ


සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින්
2025 මැයි මස 04 979 0

සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා


ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි
2025 මැයි මස 04 409 0

ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 638 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site